https://www.youtube.com/embed/PuOXnNgFJVo?si=PdM2THZ6M2_5lKzY” title=
Author: Supun
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බලන්න ගිය පැවිදි හඩ සංවිධානය කියන කතාව…..
https://www.youtube.com/embed/6Y4XG9SBFYk?si=oBZyY3b7s0ZB7jUH” title=
ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) සිදුව තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති UNDP වැඩසටහන් පිළිබඳව එහි නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයින්ට පැහැදිලි කළ බවද, රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බව දන්වා සිටි බවද එම පක්ෂය සඳහන් කරනවා.
මෙම හමුව සඳහා UNDP හි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota, ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ බිමල් රත්නායක සහභාගී වී තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ සුමිත් බණ්ඩාර නමැති එම ඩිපෝවේ කාර්මික නිලධාරීයෙකු වන අතර ඔහු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මෙම පහර දීම හෙතුවෙන් අවිස්සාවේල්ල ඩිපෝවේ මේ වන විට වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධයක් ආරම්භ කර තිබෙනවා.
මහ බැංකුවේ වැටුප් ගැන සමාලෝචනයට ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්
මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සමාලෝචනයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන කමිටුවක් පත්කර තිබෙනවා.
රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ (CBSL) වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මෙම කමිටුව මඟින් සමාලෝචනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
අස්වැසුම වැඩවලින් ඉවත්වීමේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව
අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.
ඔවුන් පසුගිය 15 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වෙන්නේ.
අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කළා.
ලාෆ් ගෑස් මිල පහළට
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.625 කින් (නව මිල රු.4,115)
* 5KG ගෑස් – රු.248 කින් (නව මිල රු.1,652)
ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළැඹෙන මැතිවරණයේදී පරාජයට පත්වෙනවා – වසන්ත යාපා බණ්ඩාර
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකම මගහැරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා.
පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය මගහරින ලද ලද ආකාරයන්ම, පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකෙන්ද සැඟවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
වත්මන් ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළඹෙන මැතිවරණයෙන් පරාජයට පත්වන බවත්, මැතිවරණවලින් සැඟවීමට කටයුතු කරන්නේ කෙසේ දැයි ඔවුන් සිතමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ටෙස්ට් කරන්න නායකයෝ ගේන්න හදන්න එපා – දයාසිරි
පරික්ෂා කිරීම සඳහා නායකයින් ගෙන ඒමට කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රටක් බාරදීමේදී ෆයිඩ් රයිස් හදන ආකාරයෙන් කල්පනා නොකරන ලෙසයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එසේ පරික්ෂා කිරීම සඳහා අවුරුදු 5 කට බලය දුන්නාට මාස 6 න් එය අවසන් වීමටද හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අප්‍රේල් මාසයේදී බිත්තරයක් රුපියල් 35ට අඩුවෙන් ලබාදීමට හැකිවේවි – කෘෂිකර්ම ඇමති
අප්‍රේල් මාසය තුළදී දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකිවනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා
දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අවුරුදු මාසයේ දී බිත්තරයක මිල රුපියල් 100 ක් ඉක්මවන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද රුපියල් 35කට අඩු මිලකට බිත්තර ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
