අලුත් අවුරුද්දේ කේක් අලෙවිය පහළට

මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ.

අමුද්‍රව්‍ය මිල ගණන් ඉහල යාම හමුවේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී කේක් මිල පහළ නොයනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

අද (31) දිනයේ ප්‍රදේශ කිහිපයක කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් අධිකව හිරු එළිය වැටෙන දහවල් කාලයේ හැකිතාක් සෙවනට වී සිටින ලෙසත් ජලය පානය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

6608b52833bf0pdf_page_3 6608b527593c7pdf_page_2

පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (31) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසිය මත සිය ජීවිතය පූජා කර දින 3 කට පසු මරණයෙන් උත්ථානය වීම පාස්කු ඉරුදින මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

මේ අතර අද පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

මීට වසර 5 කට පෙර පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගී වූවන් ඉලක්ක කරගනිමින් දේවස්ථාන තුළ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් සිදු වූයේ 2019 වර්ෂයේ පාස්කු ඉරුදිනයි.

අද උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (31) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බවයි ඔවුන් පවසන්නේ.

එම නිසා ඒ පිළිබඳව මහජනතාවට විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

නිවේදනය පහතින්.

6608f7e5d98af

ඥාණසාර හිමි බලන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රි අද්මිරාල් සරත් වීරසේකර මහතා වැලිකඩ යයි.

ඥාණසාර හිමි බලන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රි අද්මිරාල් සරත් වීරසේකර මහතා වැලිකඩ යයි.

WhatsApp Image 2024-03-31 at 14.52.35

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් සඳහා මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන තනතුරු සඳහා එම දීමනාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අද සහ හෙට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – දුම්රිය දෙපාර්තමේන්තුව

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දිනයේ අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එසේම අද (30) සහ හෙට (31) දිනවලදී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති අතර හෙට රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මාර්තු මාසයේ දින 27 ක් තුළ සංචාරකයින් 181,872 ක් දිවයිනට

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය හා ප්‍රංශය යන රටවල් ඉදිරියෙන් සිටිනවා.

අදාළ වාර්තාව පහතින්.

66069ef41eff4 66069ef4122b4 66069ef389e85

වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535 ක් ලබාදීමට තීරණය කෙරේ

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකයින් 2,535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බවත් එළඹෙන මැයි මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.