දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින්.

අතුරුදන්ව සිටි ඔවුන් දෙදෙනා ඊයේ කොළඹ කොටුව අධිකරණයට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවකටයි.

අදාළ චෝදනාවට ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මට දෙන්න පුළුවන් ශක්තිය නැවත පක්ෂය ඉල්ලනවා නම්, මං දෙන්න සූදානම් – දයාසිරි ජයසේකර

මට දෙන්න පුළුවන් ශක්තිය නැවත පක්ෂය ඉල්ලනවා නම්, මං දෙන්න සූදානම් – දයාසිරි ජයසේකර

ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි

නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ හෙට (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසසනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.45 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ ගිවිසුමට එළඹෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ.

මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා නිර්මාණය කරන මහා සන්ධානයට තවත් පක්ෂ රැසක් එක් කර ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ, එළඹෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන පුළුල්ම සන්ධානය මෙය බවයි.

මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිස්ත්‍රික් මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ICC මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නම් අතරට කමිඳු ඇතුළත් වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා වන නම් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද යෝජනාවී තිබෙනවා.

ඒ ඔහු බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලකුණු 334 ක් හා කඩුලු 3 ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඔහුට අමතරව අයර්ලන්තයේ Mark Adair සහ නවසීලන්තයේ Matt Henry ද ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා යෝජනා වී තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් සඳහා මෙතැනින් මනාපය පළ කිරීමේ හැකියාව පවතිනවා.

පොලිස්පතිට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක්

පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

අලුත් අවුරුදු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660e783c5d02bpdf_page_0

දමිතා අබේරත්න CID අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි – පාරිභෝගික සේවා අධිකාරිය

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව භාණ්ඩ මිලදී ගැනිමේදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.

එළඹෙන අලුත් අවුරුදු සමය මුල් කර ගනිමින් අත්‍යවශ්‍ය ආහාර වැටලීම් මේ වන විට දෛනිකව සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.