ඥනාසාර හිමියන් බලන්න වැලිකඩට ගිය ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමියන් එලියට ඇවිත් කියපු දෙය……

https://www.youtube.com/embed/QVsc0swaYSM?si=uaHb4ajxdJPRI-2E” title=

රංගන ශිල්පීනී දමිතා අබේරත්න සහ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුන අයුරු…….

https://www.youtube.com/embed/nP_w_TgZXxU?si=GY1AdaQ_fW-kkm6D” title=

නාමල් ජනපතිවරණයට ආවොත් පොහොට්ටුව දෙකට බෙදෙනවා – ප්‍රසන්න රණතුංග

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

දැනට සිටින අපේක්ෂකයින් අතරින් සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් සිය ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

නාමල් රාජපක්ෂට ජනාධිපති ධූරය සඳහා තවත් කාලය ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් එවැනි අද්දැකීම් බහුල නායකයෙක් පවසන දේ සියලු දෙනා පිළිගත යුතුව ඇති බවද ඔහු සඳහන් කළා.

ඔහු හදිසියේවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පක්ෂය දෙකඩ වනු ඇති බවත් පක්ෂයේ ජාතික සංවිධායකරයා ලෙස එවැනි තීරණයක් නාමල් රාජපක්ෂ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමගි ජන සන්ධානය සහ නිදහස ජනතා සභාව අතර ගිවිසුමට අත්සන් තබයි

සමගි ජන සන්ධානය සමඟ නිදහස ජනතා සභාව නිල වශයෙන් ගිවිසුමකට එළඹීම අද (05) සිදු වී තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස ජනතා සභාවේ සභාපති ජී.එල් පීරිස්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා නිදහස ජනතා සභාවේ සහ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව තිබෙනවා.

මෙම වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේ ජනාධිපතිවරණයට පමණයි – සුසිල්

මේ වර්ෂයට මුදල් වෙන් වී ජනාධිපතිවරණයක් පැවැත්වීමට පමණක් බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීත්‍යනුකූලව පැවැත් වීමට නියමිතව ඇත්තේ, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.

අරගලයෙන් පසු සිදුකළ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් අධිකරණයට පොරොන්දුවක්

මහජන අරගලයෙන් පසුව ස්ථාන මාරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද්ගලිකවම අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

එහිදී පොලිස්පතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

දුන්හිඳ Odyssey විශේෂ දුම්රිය අද සිට ධාවනයට

දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (05) සිට “දුන්හිඳ Odyssey” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම දුම්රිය අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 6.30 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන අතර බදුල්ලට සවස 5.37 ට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම සඳුදා‍, බදාදා සහ සෙනසුරාදා දිනවල බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා මෙය ධාවනය වීමට නියමිතයි.

එහිදී බදුල්ලෙන් පෙරවරු 8.00 ට ගමන් ආරම්භ කර පස්වරු 6.51 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරක දුම්රිය හොස්ටේල් දියඇල්ල, ශ්‍රී පාද කන්ද, ශාන්ත ක්ලෙයාර් දියඇල්ල, එල්ජින් දියඇල්ල, සමිට් ලෙවල්, අංක 18 බිංගෙය, සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ), කිතල් ඇල්ල දියඇල්ල, ආරුක්කු 9 පාලම, දෙමෝදර බිං ගෙය යන ස්ථාන වලදී සංචාරකයින්ට නැරඹුම් ස්ථාන ලෙස නැවැත්වීමට නියමිතයි.

අදාළ දුම්රිය කාලසටහන හා ආසන වෙන් කිරීමේ ගාස්තු පහතින්.

ඡායාරූප – RDMNS Railway Network

660f989b240cf 660f9899dee7a

අද හිරු මුදුන් වන ප්‍රදේශ

අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට සෘජුවම ඉහළින් සූර්යයා පිහිටන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය , මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කර තිබුණා.

ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවේ යැයි අපේක්ෂා කරනවා – IMF

සිය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව එම වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට එළැඹෙනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළේ.

සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසුව රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති අතර, මෙම ප්‍රතිසංස්කරණ ගම්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.