https://www.youtube.com/embed/KHNsvCNx–c?si=6VC_293MDpGCwHDg” title=
Author: Supun
මාදු ගගේ අළුත් අවුරුද්දට ඔරු රේස් තිබ්බේ මෙහෙමයි…….
https://www.youtube.com/embed/daEPJD_oaVs?si=EfC_QeLhnI_g-EZK” title=
ආනයනික කිරිපිටි මිල පහළට
ආනයනික කිරිපිටි මිල හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.
එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු.100 කින් පහළ දැමීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්
කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව පොලීසිය නිවේදනය කර තිබුණා.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, මාර්ග වසා දමන අවස්ථාවල යම් වාහන තදබදයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.
අද රාත්‍රී 8.30 න් පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් අධිවේගී මාර්ගය පෑලියගොඩ සිට කටුනායක දක්වාත්, ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී වසා තැබෙන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – සජිත්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.
දමිතා අබේරත්නට ඇප
රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන ඇය සහ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර දීර්ඝ කාලයක් පැවැති සබඳතාව තව තවත් ශක්තිමත් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන ගරු සන් හෙයාන් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ෂී ෂෙන් හොන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මුණ ගැසිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය

දහතුන් වියේ පසුවු නෑනා දූෂණය කළ මස්සිනාට බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් සහ වින්දිත දැරියට ලක්ෂ පහක වන්දියක් ගෙවීමට බලපිටිය මහාධිකරණය තීන්දුව ලබාදෙයි..
අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන .
දහතුන් වියේ පසුවු නෑනා දූෂණය කළ මස්සිනාට
බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් සහ
වින්දිත දැරියට ලක්ෂ පහක වන්දියක් ගෙවීමට බලපිටිය
මහාධිකරණය තීන්දුව ලබාදෙයි..
ඌරගස් මං හන්දිය පොලිස් වසමේ නවදගල
ප්‍රදේශයේදී 2014 වසරේ මැයි මාසයේදී දහතුන් හැවිරිදි
දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඌරගස් මං හන්දිය
පොලිසිය විසින් වයස 16ට අඩු බාල වයස්කාර දැරියක්
දූෂණය කිරීමේ චෝදනාව යටතේ හිපංකන්ද නවඳගල
ප්‍රදේශයේ පදිංචි හේවා නුවන් සම්පත් යන අයට
එරෙහිව බලපිටිය මහාධිකරණයේදී 2452/2019 අංකය
යටතේ පවරා තිබූ වසර 10ක් තිස්සේ විභාග වෙමින්
තිබූ නඩුවක් 24 වන දින විභාගයට ගත් අවස්ථාවේදී
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බලපිටිය
මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින්
විත්තිකරුට එරෙහිව අවුරුදු දහයක බරපතල වැඩ
ඇතිව සිර දඬුවමක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ
පහක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කල අතර
රුපියල් 25000 ක දඩ මුදලක් ද ගෙවීමට නියම
කළේය.දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල්
සිර දඬුවමක් නියම කළ අතර වින්දිතයාට රුපියල් ලක්ෂ
පහක් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර
දඬුවමක් නියම කරන ලදී.
අගතියට ලක්වූ දැරියගේ සහෝදරියගේ සැමියා විසින්
මෙසේ ඇයව දූෂණය කර තිබුණි.ඒ වන විට ඇයගේ වයස
අවුරුදු දහතුනක් වූ අතර දූෂණයට ලක් වීමෙන් පසුව
ඇයට විත්තිකරුට දාව දරුවකු පිළිසිඳගෙන තිබූ අතර එම
දරුවා මේ වන විට නව හැවිරිදි වියේ පසුවේ.
මෙම දූෂණ නඩුව සම්බන්ධයෙන් ඌරගස් මං හන්දිය
පොලිසියේ කාන්තා පොලිස් සැරයන් උමාලි (3021) විසින්
මෙහෙය වූ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ
අධිනීතීඥ සුදේශිකා තිලකරත්න මහත්මිය පෙනී
සිටින ලදී.
මොරටුමුල්ල මෙතොදිස්ත දෙව්මැදුරේ පවුල් කඳවුර මඩකලපුව සර්වෝදය ආයතනයේ පැවැත්විණි. 2024 අප්‍රේල් මස 20,21,22,23 මෙය පැවැත්වු අතර ‘දෙව් පෙමෙන් ගොඩ නැගෙන අසිරිමත් පවුල’ ලෙසින් නම් කර තිබුණි.
මොරටුමුල්ල මෙතොදිස්ත දෙව්මැදුරේ පවුල් කඳවුර මඩකලපුව සර්වෝදය ආයතනයේ පැවැත්විණි. 2024 අප්‍රේල් මස 20,21,22,23 මෙය පැවැත්වු අතර ‘දෙව් පෙමෙන් ගොඩ නැගෙන අසිරිමත් පවුල’ ලෙසින් නම් කර තිබුණි.
අධ්‍යක්ෂක දේවගැති වී. ආසිරි පෙරේරා සහ සහායක දේවගැති ක්‍රිෂාන්ත මේදිස් සමගින් මොරටුමුල්ල සභාවේ සාමාජික සාමාජිකාවන් 200 දෙනෙකු පමණ මෙම කඳවුරට සහභාගි වූහ.
මෙහිදී වයස් කාණ්ඩ අනුව වෙන් කරමින් විවිධ දේශන සහ ක්‍රියාකාරකම් ද පැවැත්විණි.
මෙම පවුල් කඳවුරේ විශේෂ වැඩසටහනක් ලෙස මැරේජ් මසාලා ආයතනය සහ වන් හෝප් ආයතනය සහභාගි වූ අතර අවසාන දිනයේ පවුල් කැප කිරීමේ දේවමෙහෙය සඳහා මඩකලපුව සියෝන් දේවස්ථානයේ රොෂාන් දේවගැතිතුමා ඇතුළු කණ්ඩායම සහභාගි විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. එමෙන්ම පසුගිය 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව යැයි පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණ ක්‍රියාත්මක කිරීමද, එම විධායක සභාවට ද මැයි මස 08 වන දින දක්වා කොළඹ දිසා අධිකරණය අද දින වාරණයෝගයක් දී තිබෙනවා
තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
