https://www.youtube.com/embed/D7H3Vk2qm1g?si=u-kURsVFfaP8N4uu” title=
Author: Supun
විල්ලෝරාවත්ත නිවසක මිදුලෙන් මතුවුන උමග….
https://www.youtube.com/embed/p9dffBZrB0E?si=vB9opDnygkJ4662W” title=
මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන වෙත ගෙවන ලෙසයි දැනුම්දී ඇත්තේ.
උපුල් ශාන්ත සන්නස්ගලට ඇප
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබෙනවා.
ඔහු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.
උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය විවෘත කෙරේ
ITC Ratnadipa Colombo අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණය අද (25) විවෘත කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ හෝටලය විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලමකින්ද මෙම හෝටලය සමන්විත වනවා.
රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා
දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
0773710807
25.04.2024
රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා
‘රටවටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා (27 වැනිදා) පැවැත්වේ.
මෙම සංවත්සර මහා සභාව කෑගල්ල අමාලි රෙසිඩන්ස් හිදී පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙන්ම රට පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වේ.

මත්ද්‍රව්‍ය භාවිතය සදහා රුපියල් ලක්ෂ 15කට අධීක රන් භාණ්ඩ සොරා ගත් අයෙක් රන් භාණ්ඩ හා මත්කුඩු සමග කැකිරාවේදී පොලිස් අත්අඩංගුවට
24-04-25
කැකිරාව කුෂාන් ජයවර්ධන
මත්ද්‍රව්‍ය භාවිතය සදහා රුපියල් ලක්ෂ 15කට අධීක රන් භාණ්ඩ සොරා ගත් අයෙක් රන් භාණ්ඩ හා මත්කුඩු සමග කැකිරාවේදී පොලිස් අත්අඩංගුවට
මත් ද්‍රව්‍ය භාවිතය සදහා මුදල් සොයා ගැනීමට රාත්‍රි කාලයේ නිවාස බිද ඒවාට ඇතුලු වී රන්භාණ්ඩ සොරාගත්, මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 15කට අධීක රණ්භාණ්ඩ හා මත්ද්‍රව්‍ය තොගයක් ද සමග කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉකුත් දා කැකිරාව ඔලොම්බෑව ප්‍රෙද්ශයේ නිවසක් බිද එහි තිබූ රුපියල් පහලොස් ලක්ෂ විසි දාහක් (15,20000) වටිනා රණ්භාණ්ඩ තොගයක් සොරා ගෙන තිබිණ. ඒ සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාව විසින් කැකිරාව පොලිස් ස්ථානයට කර තිබූ පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබිණ. එහිදී කැකිරාව පොලිස් බුද්දි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව සිදු කළ වවටලෑමකදී හෙරොයින් තොගයක් ද සන්තකයේ තබා ගෙන කලාවැවට ආසන්නයේ වූ ප්‍රෙද්ශයක හේනක සැගව සිටියදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය සදහා තදින් ඇබ්බැහි වී ඇති සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ද ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 6යි මිලි ග්රෑම් 500ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු ඔලොම්ඹෑව ප්‍රදේශයේ නිවසක් බිද සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15කට අධික රන් භාණ්ඩ කොළඹ මරදාන ප්‍රෙද්ශයේ පිහිටි රණ්භාන්ඩ උකස් ගන්නා ආයතනයකට උකස් කර තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එම රන් භාණ්ඩ උකස් කර ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරකට අධීක මුදලක් වැය කර එම සැකකරු හෙරොයින් භාවිතා කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් මින් පෙරද සැකකරු නිවාස බිදීම් හා සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂීත බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවද පොලිසිය කියයි.
සොරකම්කර උකස් තබා තිබියදී සොයා ගන්නා රණ භාන්ඩ ද සමග අත්අඩංගුවටපත් එම සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

ගුල්ලෝ ගහපු හාල් දරුවන්ට බෙදපු අයට අසේල සම්පත් සැරටම අමතයි….
https://www.youtube.com/embed/G9PQWHWzpo4?si=tfkTDkg_mEy2IXsy” title=
දිය වැලකට ගසාගෙන යන්නට ගිය යුක්රේන තරුණිය බේරාගත් මෙහෙයුම……
https://www.youtube.com/embed/eCnyePSv6tY?si=kGFf6kBj2CLGbrVm” title=
