https://www.youtube.com/embed/P232h4dhvMU?si=b3WYJBeUr-kCzVgx” title=
Author: Supun
ආයෙමත් මහින්ද යුගයක් ගේනවා කියන තිස්ස කුට්ටිආරච්චි…..
https://www.youtube.com/embed/FEVpBP4dUko?si=62L_qQfpHj0lbVps” title=
අනුර නම් වානාම වානා මඩකලපුවේදී කිව්ව හිරුණිකා….
https://www.youtube.com/embed/IiuGuxmrsCM?si=hX-_gDDIhazlhIED” title=
බලය ලැබුනොත් සාධාරණය අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කරනවා කියන සරත් ෆොන්සේකා….
https://www.youtube.com/embed/vku6IpaSfL0?si=6Narbfd5XyTLKL4D” title=
මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටී පුද්ගලයින් 10 ක් මරුට
මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන හදිසියේම අභාවප්‍රාප්තවී තිබෙනවා.
හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බවයි වාර්තා වෙන්නේ.
බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බවද සඳහන්.
පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි
අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය.
චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ.
මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.
මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී.
ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය.
විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ.
චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

හොරණ දී තියුණු ආයුධ පෙන්නා ලක්ෂ 39,1/2 ක ආසන්න මුදලක් කොල්ලකෑ පුද්ගලයින් හා මහ මොළකරු සිදූරංගල බේකරියක හිමිකරු මාට්ටු
හොරණ දී තියුණු ආයුධ පෙන්නා ලක්ෂ 39,1/2 ක ආසන්න මුදලක් කොල්ලකෑ පුද්ගලයින් හා මහ මොළකරු සිදූරංගල බේකරියක හිමිකරු මාට්ටු
ගල්පාත චන්දන පෙරේරා
පසුගිය අප්‍රේල් මස (01 )දා හොරණ සව්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි තිරිඟු පිටි තොග බෙදා පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලාගිය සැකකරුවන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අද (22)දින අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොකුණුවිට, වැලිකල, සිදුරංගල ප්‍රදේශයේ බේකරියක හිමිකරුවෙකු සහ එම ප්‍රදේශයේම සැකකරුවන් හතර දෙනෙකි. සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 11ක් කොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරුපැදිය හෙල්මට් දෙකක් , තියුණු ආයුධ පොලිසිය විසින් සොයා ගෙන ඇත.
කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීන් සීසී ටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරමින් යතුරුපැදියේ පසුපැදිකරු වශයෙන් කටයුතු කළ මීට පෙර චීවරධාරියෙකුව සිට ඉවත් වූ සැකකරුවකු හොරණ පොකුණුවිට හංදියේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලයට පැමිණි යතුරුපැදිකරු හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.කොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරු පැදිය ද කොල්ලකෑ මුදලින් මිලදීගත් යතුරුපැදියක්ද තියුණු ආයුධ දෙකක්, මිලදී ගත් රන් මාල දෙකක්,පොලිස් භාරයට ගෙන ඇත.
කොල්ලකෑම සඳහා උපදෙස් ලබා දුන් ප්‍රධාන මොළකරු වන හොරණ සිදුරංගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බේකරියක හිමිකරු සහ කොල්ලකෑම සඳහා අනුබල දුන් කොල්ලකෑමට ලක්වූ පිටි බෙදා හැරීමේ ආයතනයේ සේවකයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලය පැමිණි දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් වන අතර කොල්ලකෑ මුදලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදාගෙන.
සැකකරුවන් හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විවාදයට ජාතික ජන බලවේගයේ නායකයා දින දෙයි
(විවාදයට ජාතික ජන බලවේගයේ නායකයා දින දෙයි)
රංජිත් මද්දුමබණ්ඩාර මහතා
මහලේකම්
සමගි ජන බලවේගය
592, කෝට්ටේ පාර,
කෝට්ටේ.
මහත්මයාණෙනි,
විවාදය සඳහා දින නියම කර ගැනීම පිළිබඳවයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් තිබේ.
ඒ අනුව අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.
එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.
එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.22
