https://www.youtube.com/embed/Cyo6ov6Nq00?si=LpQNFsQryXbmrvit” title=
Author: Supun
මයුරපති කෝවිලට ගිය මහින්ද හා සජිත් මුහුනට මුහුන මුනගැහුන හැටි…..
https://www.youtube.com/embed/UQag5e_OSFU?si=IdYSE17hhuLOoqtc” title=
ඇල්ල-වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ
මලිත්තගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, අධික වර්ෂාව පවතින විටදී අවදානම් තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රියදුරන්ට අනතුරු අඟවා සිටින අතර, මාර්ගයේ විමසිලිමත්ව රිය පදවන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වයන් තුළදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව රියදුරන්ට අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් රථවාහන සංඥා යන්ත්‍ර යොදවනු ඇති බවත්, රාත්‍රී කාලයේදී ආරක්‍ෂිතව රිය ධාවනය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මාර්ගයේ අනතුරුදායක ප්‍රදේශ ආලෝකමත් කිරීම සඳහා විදුලි පහන් ද සවි කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ලෝක ජල සමුළුව සඳහා ජනපති අද ඉන්දුනීසියාවට
ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පිටත්ව යාමට නියමිතයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.
රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදයි
රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.
රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දීමට නියමිතයි.
රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00 ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමේ මං තීරුව සහ පිටවීමේ මං තීරුව වසා තැබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම්
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ නිලය වෙත උසස් කර තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 සඳහා මෙම උසස්වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට කැපී පෙනෙන නායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි ඝාතනයට ලක්කළ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි හෙවත් නිෂ්මිගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට කැපී පෙනෙන නායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි ඝාතනයට ලක්කළ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි හෙවත් නිෂ්මිගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1934 අගෝස්තු 24 වෙනිදා උපන් රත්නපුර පදිංචිව සිටි මොහොමඩ් සයිම් සිරායුඩීන් නම් වූ ඒ මහතා මියයන විට වයස අවුරුදු 90ක් වුණා. ඒ මහතා 1964 නොවැම්බර් 14 වැනිදා පානදුරේ දී උපන් සිය පුතුට ‘නිෂ්මි’ යන නම තබා තිබුණේ අරාබි බසින් ‘සනීපදායක මඳ පවන’ යන අරුතින් බවයි පසු කලෙක පවසා තිබුණේ.
පානදුර සාන්ත ජෝන් විදුහල, රක්වාන සාන්ත ඇන්තනීස් විදුහල, ඇහැළියගොඩ කණිෂ්ඨ විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර අල් නකියා විද්‍යාලය සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ආදී විදුහල් ගණනාවක අධ්‍යාපනය ලැබූ නිෂ්මි පැහැර ගෙන ගොස් ඝාතනය කරන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක්.
1990 ජනවාරි 18 වැනිදා ගල්කිස්සේ දී අත්අඩංගුවට පත් වූ නිෂ්මි දරුණු වධ බන්ධනයන්ට ලක්ව ඝාතනය කර ඇත්තේ 1990 පෙබරවාරි 10 -15 අතර දිනක බවයි වාර්තා වන්නේ.
නිෂ්මිගේ පියාට නිෂ්මිව අවසන් වරට හමුව තිබුණේ 1989 දෙසැම්බර් 31 වැනිදා පානදුරේ දී යි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වූ නිෂ්මි පසුව එහි මූලස්ථාන කමිටුව විසින් අනුරාධපුරය, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් හී සම්බන්ධීකරණ සඳහා පත්කර තිබුණා.
නිදහස් අධ්‍යාපනයත් සමාජ අසාධාරණයටත් එරෙහිවත් සිය සගයින් සමඟ නොතිත් මෙහෙයක නිරත වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි පිළිබඳව එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ඒ.සී.එස්. හමීඩ් මෙන්ම පේරාදෙණිය සරසවියේ එකල උපකුලපතිවරයා වූ මහාචාර්ය අලුවිහාරේ පවා දක්වා තිබුණේ ඉමහත් ගෞරවයක් බවයි කියන්නේ.
මොහොමඩ් සයිම් සිරායුඩීන් නම් වූ නිෂ්මිගේ පියා මියයන තුරුම, ඝාතනය කළ සිය පුතු වූ නිෂ්මි පිළිබඳව ඉමහත් ගෞරවයක් මෙන්ම අදාරයක් දැක්වූ අයෙක්.
මොහොමඩ් සයිම් සිරායුඩීන් මහතාගේ අවසන් කටයුතු අද (18) සවස 3.00ට රත්නපුර ඉස්ලාම් මහ පල්ලියේ දී සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ සමීපතමයන් පවසනවා.
#nishmi #SYU #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews
ජෙනරාල් මහේෂ් සේනානායක සජිත් සමඟ එක්වෙයි
හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වී තිබෙනවා.
ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙසද ඔහු පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.
T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව පුහුණු තරග මැයි 27 වැනිදා සිට ජූනි පළමු වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.
පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග දෙක පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට හා අයර්ලන්තයට එරෙහිවයි.
ඒ අනුව නෙදර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 28 වැනිදා ද, අයර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 31 වැනිදා ද ෆ්ලොරිඩා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවයි
කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවා තිබෙනවා.
එහිදී පැයකට ආසන්න කාලයක් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපළේදී කලහකාරී ලෙස හැසිරුණු බවටයි චෝදනා එල්ල වෙන්නේ.
