පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් හෙට වසා තැබීමට තීරණයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇති බවයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

ජනපති හා Elon Musk අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යවසායකයකු වන Elon Musk අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66499dd6ed61f

යුද හමුදාවේ 1,509කට උසස්වීම්

15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසු නිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

රණවිරු අනුස්මරණ දිනය යේදී තිබෙන අද (19) සිට බලපැවැත්වෙන පරිදි සියලුම රෙජිමේන්තුවල සාමාජිකයන්ට මෙම උසස්වීම ලබාදීම සිදුකර ඇති බවයි ඇති වාර්තා වෙන්නේ.

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව අද (19) අලුයම 03.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර තිබෙනවා.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66497ace4e1de

රණවිරු දින සැමරුම් උත්සවය අද

රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 4.00 ට රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර ඊයේ (18) දිනට වසර 15 ක් සපිරුණා.

අනුර සජිත් විවාදය සඳහා සජබයෙන් දින යෝජනා කරයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදී පැවැත්වීමට යෝජනා කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ගම් දෙකක් යා කරන පාලමේ දරුවන් වැඩිහිටියන් යන භයානක ගමන. දේශපාලකයන් ගැන විශ්වාසය ගිලිහෙන ජනතාව….

https://www.youtube.com/embed/Smn6vSLGEuc?si=Are9sSTNGepUH-GI” title=