රටක් ලෙස වැටී සිටි අප දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණයි – ජනපති

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ නිවේදනය පහතින්.

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

‍ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද සහ හෙට ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (30) දිනයේ ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කීපයක් රට පුරා පාසල්වල ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි ගුරු විදුහල්පති වැටුල් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු වන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, අද සහ හෙට සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

මැයි මාසයේ දින 26 ක් තුළ සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට

2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, මාලදිවයින, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

6657e0162f759 6657e0161e9b7

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ සිට අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යි.

එමෙන්ම, මෙම ක්‍රීඩා සංගම්වල පරිපාලන සහ වෙනත් කටයුතු සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂමල් සෙනරත් මහතා පත්කර තිබෙනවා.
එමෙන්ම, අදාළ සංගම්වල නිලවරණ කැඳවීම සහ පැවැත්වීමට බලය පවරා ඇත්තේ ද මහාචාර්ය ෂමල් සෙනරත් මහතාටයි.

පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

මාධ්‍ය නිවේදනයයි.

පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

2024.05.29 එනම් ඊයේ දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්න යාපාබණ්ඩාර, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් Nay Pyi Taw නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී උදෑසන 11.30 ට සාකච්ඡා ආරම්භ කළේය. ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය H.E.U. Than Swe මැතිතුමා ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් මේ පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද භාරදෙන ලදී.

එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි Shwe Dagon Pagoda මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන Thanlyin Min Kyaung Sayardaw නායක ස්වාමීන් වහන්සේ සමඟ ද මෙම දරුවන් බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළේය. එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, මෙම දරුවන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් බාරදීම ද සවස 07.30 ට යැංගුම් විහාරස්ථානයේදී සිදුවිය.

-මාධ්‍ය ඒකකය-
2024-05-30

WhatsApp Image 2024-05-30 at 14.55.08 (1) WhatsApp Image 2024-05-30 at 14.55.08 (2) WhatsApp Image 2024-05-30 at 14.55.08 (3) WhatsApp Image 2024-05-30 at 14.55.08 (4) WhatsApp Image 2024-05-30 at 14.55.08 (5) WhatsApp Image 2024-05-30 at 14.55.08

නුවරඑළියේ නිවසක් මතට වැටුන අධි බල විදුලි රැහැන… දැඩි පිලිස්සීමකට ලක්වූ නිවස…..

https://www.youtube.com/embed/9E5O5hWaEng?si=vnXGxsimgh7-iHk4″ title=

“කිලෝ මිටරක් විතර යද්දී එන්ජිම දුම දාලා නැවතුනා” බලපිටියේ මුහුදු ගිය අයට අත්වුන ඉරණම…

https://www.youtube.com/embed/rOa9w8AXhUg?si=p3yUebAD3vSqBjNV” title=

අහුංගල්ලේදී අපරාධකරුවෙකුගේ පියෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට පත්වෙයි…..

https://www.youtube.com/embed/-0HVUTxYkSc?si=20KFDmTKkv6Tit3u” title=

වැලිපැන්නේ හෙල්මන්ට් වලින් පහරදී ඝාතනය කල පුද්ගලයාගේ සොහොනෙන් හිස ඇතුළු අවයව කොටස් අතුරුදන් වෙයි..

https://www.youtube.com/embed/l2S19TJElwQ?si=MBnJ3lNHlWV7IKLa” title=