ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවකට වරදකරුවෙකු බවට පත්වෙයි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීම ඇතුළු 34කට අදාළව වරදකරු වන බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගතවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල් චිත්‍රපට නිලියක වූ ස්ටෝමි ඩැනියෙල්ස් සමග පැවැත්වූ සබඳතා වසන් කිරීම සඳහා 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමත්, පසුව ඒ වෙනුවෙන් වංචනික මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සම්බන්ධයෙන් මෙම අපරාධ නඩුව විභාගයට ගෙන තිබුණා.

නඩුව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම ජූලි 11 වැනිදා සිදු කිරීමට නියමිත අතර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඔහුට දඩ මුදලක් නියම වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂිතයා ලෙස තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටිනවා.

මිදිගම රුවන් ශ්‍රී ලංකාවට රැගෙන එයි

පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව රැගෙනවිත් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඩුබායි හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් මීට මාස දෙකකට පමණ පෙර මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

* රෝද දෙකම ඇඟ උඩින් ගිහිල්ලා

ගල්පාත චන්දන ජයලාල්

මෙසේ මරණයට පත් වී ඇත්තේ බෝතලේගම, මානාන, බුලත්සිංහල, පදිංචි (78) හොඳමුණිගේ ඇසිලින් නොනා නැමති කාන්තාවක් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

හොරණ දෙස සිට(285) මාර්ගයේ මතුගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බැල්ලපිටිය හංදිය ආසන්නයේ පිහිටි බස් නැවතුම් පලෙහි නවතා මගීන් නංවා ගැනීමෙන් පසු නැවත ගමන් කිරීමට යාමේදී බස් රථයට ඉදිරියෙන් මාර්ගයේ දකුණු පස සිට වම් පසට පාර මාරු වීමට පැමිණි පදික කාන්තාවක් බස් රථයේ ඉදිරි වම්පස රෝදයට සහ පසුපස රෝද දෙකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටින කාන්තාව පොලිස් නිලධාරීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති අතර රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුට සිදුවූ බස් රථය සහ රියදුරු සහ අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සී.එස් පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප විමල් ආනන්ද මහතා,පො.සැ 32724 රත්නවීර,පො.සැ 60503 දිමුතු ,පො.කො 89321 ඉන්දික විසින් සිදුකරනු ලබයි.

අවුරුදු 1200 වඩා පැරණි බුද්ධ ප්‍රතිමාවක් නේපාලයේ ගැඹුරු පොලවේ සිදු කරන කැණීම් තුලින් හමුවෙයි….

https://www.youtube.com/embed/68tXiRY7LqU?si=W9ZA9HJulJuw4qud” title=

රංගේ බණ්ඩාරගේ සිගිති මොලේටයි කරලියට එන අළුත් දෙන්නටයි ඉදලා ඉදලා ලැබුන අමතක නොවෙන උත්තරේ….

https://www.youtube.com/embed/a7oCmYEctGg?si=edX7oH7lJ3OaMdE9″ title=

නාවලපිටියේ භික්ෂුන්වහන්සේලා සියක් නමකගේ අසිරිමත් පිණ්ඩපාත චාරිකාව…..

https://www.youtube.com/embed/DQDzh7IrgNQ?si=Q7R-sQV624gKutWG” title=

දාපු මුට්ටිට දාන්න කලින්ම කුඩු වෙන්න ගහන්න ඔනේ කියන හිටපු මැ.කෝ….

https://www.youtube.com/embed/475Zakkhyjk?si=AGOuG-JAVQrQadhe” title=

හා නම් හා බෑ නම් බෑ කියන්න වංගු ගහන්න එපා උසාවියෙන් එලියට ආපු අනුර ස.ජ.බෙට කියයි…..

https://www.youtube.com/embed/vHTa0ucTcf0?si=XWgS4U1nhm4gFvuu” title=

රංගේ බණ්ඩාරට දේශපාලන විද්‍යාව උගන්නන්න පිරිසක් සිරිකොතට යයි….

https://www.youtube.com/embed/pwM7bf93N2g?si=Ft_eeVMy1MCYFDIv” title=

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසු වුණා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සඳහා ඔහු සංගීතය සපයා තිබෙනවා.

“යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා” ගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර ප්‍රසිද්ධ නිර්මාණයක්.