https://www.youtube.com/embed/yyujJ18K5Tw?si=m1MRwtSLvus2yCtB” title=
Author: Supun
ආචාර්ය පුන්සර අමරසිංහට ඇප
අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහව ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු මුදාහැර ඇති බවයි වාර්තා වෙන්නේ.
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
මැතිවරණ කොමිසම සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
මෙරට අමෙරිකානු තානාපති Julie Chung හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අතර හමුවක් සිදුව තිබෙනවා.
රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.
ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මීට පෙර එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබුණා.
රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය මුට්ටිය දාලා බැලීමක් – මහාචාර්ය ජී.එල්. පීරිස්
මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවට වන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශය මුට්ටිය දා බැලීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමිය යුතු බවට ප්‍රකාශ කළ පසු ජනතා ප්‍රතිචාරය කෙබඳුද යන්න බලා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පක්ෂය හැරුණු විට අනෙකුත් සියලුම පක්ෂ එයට එක හඬින් විරෝධය පළ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩිවෙන බවත් මුහුද ඉතා රළු වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා.
මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

පියපුතු දෙදෙනාට එල්ලවූ පහරදිමකින් පියා මරුට පුතා රෝහලට
24-05-29
කැකිරාව කුෂාන් ජයවර්ධන
පියපුතු දෙදෙනාට එල්ලවූ පහරදිමකින් පියා මරුට පුතා රෝහලට
ඊයේ (28) සවස ගල්කිරියාගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනාට සිදුකර ඇති පහර දීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් පුබ්බෝගම බන්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඊයේ(28) සවස මෙම ගැටුම ඇතිව තිබිණ. දෙපිරිසක් අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම දෙපිරිස අතර මෙම ගැටුම හට ගෙන ඇති බව පොලිසිය කියයි.
දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් එක් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇතැයි ද ඉන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි., මෙම ගැටුමේදී පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටින තවත් අයෙකු රෝහල්ගතකර ඇතැයි ද පොලිසිය කියයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පියපුතු දෙපලක් බව පොලිසිය කියයි.
ඇති වූ ගැටුමේදී තියුණු ආයුධයකින් සිදුකර තිබූ පහර දීම නිසා බරපතල තුවාල ලබා එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයා ප්‍රෙද්ශවාසීන් හා පොලිසිය එක්ව ගල්කිරියාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූනද රෝහල් ගත කරන අවස්ථාවේදී එම පුද්ගලයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි..
මිය ගිය එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිව සිටි නාවුරු අඩුමේ අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ළත් නියෝගයක් අනුව එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මේ වනවිට දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීම මේ පොලිසිය පියවර ගෙන ඇත.
පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඇතිව තිබූ මෙම ගැටුමේදී මරණයට පත් පුද්ගලයාගේ පුත්‍රයකු ද පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචි අබ්දුල් හකීම් මොහොමඩ් අස්මල් නමැති 37 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය ද තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසි ස්ථානය මඟින් විමර්ශණ අරඹා ඇති අතර මඑම ඝාතනය හා පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට ද ගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් එලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 72 හා 44 වයස්වල පසුවන්නෝ බව පොලිසිය කියයි.
මෙම ඝාතනය ඇතුළුව සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (29) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර උසස් පොලිස්නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් හා මෙහෙයවීම අනුව ගල්කිරියාගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි. .
ඡායාරූප
60- සිද්දියෙන් මිය ගිය අබ්දුල් හකීම්.
61- තුවාල ලබා රෝහල් ගත කර සිටින මොහොමඩ් අස්මල්
62- මිය ගිය අයගේ සිරුර සිද්දිය වූ සිථානයේ වැටී තිබූ අයුරු
අන්දරේලගේ කතා අහන්න ගොඩක් අය ආවට අන්දරේලව රජ කරවන්නේ නැහැනේ – රවී කරුණානායක….
https://www.youtube.com/embed/YsA45JmdTv4?si=uvx7kHMP2JI5Uh1m” title=
ඉංගිරියේ ප්‍රධාන පාසැල් දෙකක් අතර මැද මත්පෙති විකිනූ ජාවාරම්කරුවෝ කොටුවෙයි…
https://www.youtube.com/embed/HZchbdYbfdM?si=hjBsogNKZhd-RJyp” title=
පාසැල් දරුවන්ව අතුර් යවන පහළ පේද්දව, රිකිල්ලගමුව යා කරන සපත්තු පාලම…..
https://www.youtube.com/embed/hd3k2ej73OI?si=s1BARpmmzJcAtD9c” title=
