T20 World Cup SLvsSA: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (03) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

665dd058cac95 665dd058b1a17

ගම්පහ, කැලණිය සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල සියලුම පාසල් සඳහා හෙට නිවාඩු ලබාදෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ, කැලණිය සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල සියලුම පාසල් සඳහා හෙට (04) දිනයේ නිවාඩු ලබාදී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

Cryptocurrency ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කමක් – මහ බැංකු අධිපති

ඇතැම් වෙළඳපලවල Cryptocurrency වත්කම් පන්තියක් ලෙස හඳුනාගෙන තිබුණද, එය ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කමක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එබැවින් ප්‍රශ්නය වන්නේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැති, ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කම්වල ආයෝජනය කිරීමට මහජනතාවට අවශ්‍යද යන්න බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවැනි ස්ථායී නොවන වත්කමක ආයෝජනය කිරීම සඳහා ජනතාවට විශ්වාසයක් ඇති කිරීමට නම්, ඒ සඳහා නිසි ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් තිබිය යුතු බව ඔහු සඳහන් කරනවා.

අනවසර තැන්පතුවල ආයෝජනය කිරීම මහ බැංකුව විසින් අධෛර්යමත් කිරීමට හේතුව එය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මම ඒ ප්‍රකාශය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව – පාලිත රංගේ බණ්ඩාර

තමන් ජනමත විචාරණයක් සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තමන් කිසි ලෙසක ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මේ වනවිට ගෙන යන වැඩපිළිවෙළ වෙනස් කළහොත් රට ඇදගෙන වැටෙන අතර, එම තත්ත්වයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවයි ඔහු සඳහන් කළේ.

එසේ නම් මෙම ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බවට එකඟත්වයකට පැමිණ, ජනාධිපතිවරණයට යා හැකි බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ආරම්භ කර ඇති බව මාතර ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.

ඒ අනුව වේරගම්පිට සහ උයන්වත්ත යන ප්‍රදේශවල ජනතාව මෙලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් එය ඊයේ (02) දිනයේ වසා දැමීමට කටයුතු කර තිබුණා.

හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු අත්අඩංගුවට

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාළ රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත කර පිටවීමට නොහැකි බවයි වාර්තා වෙන්නේ.