ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.150 කින් (නව මිල රු.3,790)

* කිලෝ ග්‍රෑම් 5 – රු.60 කින් (නව මිල රු.1,522)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.28 කින් (නව මිල රු.712)

මේ කරන්නේ ජනතාවගේ අවධානය වෙනත් කරනාවලට යොමු කිරීම – මහින්ද දේශප්‍රිය

මැතිවරණය කල් දැමිය යුතු බවට සිදුකරන ප්‍රකාශ හරහා සිදු කරන්නේ ජනතාවගේ අවධානය වෙනත් කාරණාවලට යොමු කිරීම බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ජනමත විචාරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් වැළකිය යුතු බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සමහර දේශපාලඥයින්ට අවශ්‍ය වන්නේ එම මාතෘකාව සමඟම කටයුතු කිරීම මිස අර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය හා ඉපැයීම් වැඩි කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු නොකරන බවයි හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ මුට්ටිය මේ වන විට චප්ප කර අවසන් බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත සඳහන් කළේ.

පොසොන් සතිය පුරාවට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 03 ක සියළුම සුරාසැල් වැසීමට තීරණයක්

ජුනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි මෙලෙස අදාළ කාලසීමාව තුළ සියලුම බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.

පොසොන් සතිය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ගල්පාත ,මුල්කඩකන්ද , කන්දකඩේ ප්‍රදේශයේ දී පුද්ගලයකු සැඩ පහරට හසු වී දිය ගිලී මිය යයි.

ගල්පාත ,මුල්කඩකන්ද , කන්දකඩේ ප්‍රදේශයේ දී පුද්ගලයකු සැඩ පහරට හසු වී දිය ගිලී මිය යයි.

ගල්පාත චන්දන පෙරේරා

මුල්කඩ කන්ද ප්‍රදේශයේ තම දියණියගේ නිවසේ සිට නැවත නිවස බලා යමින් සිට
මුල්කඩකන්ද හල්කටිය වත්තට එගොඩවන මාර්ගයේ පාලම අසල හැඩ පාරට අසුවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ , බටගොඩ , ගල්පාත ප්‍රදේශයේ පදිංචි ( 72 ) සංඝදාස ප්‍රනාන්දු නැමති පුද්ගලයෙක් බව අඟුරුවාතොට පොලිසිය පවසයි .

අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද මහතාගේ උපදෙස් මත උ.කො.පා.නන්දසේන, පො.සැ 41145ගුණපාල යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි…

මාධ්‍ය නිවේදනයයි

මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි…

සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඊයේ(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳ සුවදුක් විමසා බැලුවේය.

ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුධ කඳවුරු වල හෝ යුධභූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව මෙම සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල්ජෙනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සදහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

-මාධ්‍ය ඒකකය-
2024-06-04

FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

දර්ශාන් කානිල්
මොරටුව
02.06.2024
FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීම සහ තවත් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන තුන්සිය හැට පහක මුදලක් රාජ සන්තක කිරීමට කොළඹ මහාධිකරණයේ අංක 05 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පසුගියදා නියම කර ඇත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාමේ යෙදීම සහ නීති විරෝධි ආකාරයෙන් බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීමෙන් ඉපැයූ රුපියල් මිලියන තුන්සිය හැට පහයි අනූ නව දහස් අටසිය තිස් හතරයි ශත තිස් හතක පුද්ගලික ගිණුමක තැන්පත් කිරීම 2011 අංක 40 දරණ පනතෙන් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කළ බවටත් , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ 51(1) (අ) වගන්තිය උල්ලංඝනය කිරීම , 51(2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ලක්සර් ජෙම්ස් (Luxor Gems) පුද්ගලික ආයතනයේ ආරම්භක කොටස්කරුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන සූ ඩියන්ස් හං නමැති චීන ජාතිකයෙකුට මෙලෙස දඬුවම් නියම කර ඇත . එලෙසම ඔහුට
ලක්ෂ පහක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්ද, දෙවන චෝදනාව යටතේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් මෙන්ම එය වසර 15කට අත්හිටුවු සිර දඬුවම් නියම කර ඇති අතර අධිකරණය විසින් විදේශගත වීම තහනම් කර ඇත.
2018 මාර්තු මස 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් සැකකට යුතු ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරක් එවකට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. අදාළ විමර්ශන කටයුතු භාරව කටයුතු කර ඇත්තේ මේ වන විට විදේශගතව සිටින විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ විසිනි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන සිල්වා මහාධිකරණයේ පෙනී සිටිමින් නඩු කටයුතු මෙහෙයවූ අතර මෙම නඩුව (24 වැනිදා) නැවත කැඳවීමට නියමිතය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය (FCID )විමර්ශන ඒකක 05 නි.පො.ප. දම්මික ප්‍රියන්ත, නි.පො.ප. පවිත්‍ර දයාරත්න, විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ , ස්ථානාධිපති විමර්ශන ඒකක 05 හිටපු ස්ථානාධිපති ප්‍ර.පො.ප නිහාල් පැරැන්සිස් , පො.ප.චන්දන පියතුංග , උ.පො.ප සේනාදීර පො.සැ.67971 දර්මප්‍රිය යන නිලධාරින් විමර්ශන කටයුතු සිදු කර ඇත.

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් බෝට්ටු පදිමින් සිටියදී අධිබලැති විදුලි සැර වැදී තරුණයකු මරුට.

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් බෝට්ටු පදිමින් සිටියදී අධිබලැති විදුලි සැර වැදී තරුණයකු මරුට.

ගල්පාත චන්දන පෙරේරා

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල,දිවලකඩ, කළුගල ප්‍රදේශයේ පදිංචි (22)එල්.ඒ. දමිත් කුමාර නැමැති තරුණයෙක් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

කළුගල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අද (3)සවස ගංවතුරේ විනෝදය සදහා බෝට්ටුවක නැග උණ රිටක් ආධාරයෙන් ගමන් කරමින් සිටියදී උණ රිට අධිබලැති විදුලි රැහැනක වැදී විදුලිසර වැදී ඇති අතර බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් මද වේලාවකට පසුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි පො.සැ.45343උපාලි,පො.කෝ.92466 චානක,පො.කො.රි.80134 පත්මසිරි යන නිලධාරීන් මෙහෙයවයි.

ඇමති ජීවන් නුවරඑළිය පොලීසියට..ඇමතිගේ කන්ඩායම හා පොලීසිය අතර උනුසුම් වාදයක්…..Get your files

https://www.youtube.com/embed/QvtirdULUXw?si=CFzHUcJU2U6-blHY” title=

පියෙකුට හා පුතෙකුට පහරදී තුවාල සිදුකල නාවලපිටියේ පොලිස් සැරයන්වරයා තවමත් නිදැල්ලලේ……

https://www.youtube.com/embed/04dVUgOMkvo?si=IHQRAl5QuJVD5Jr-” title=

කුවේට් හි අමානුෂික ලෙස පහරදීමට ලක්වුන කාන්තාවගේ ඉරණම… කාන්තාවගේ පවුලේ අය කියු සංවේදී කතාව…….

https://www.youtube.com/embed/m4DLYC2JXVQ?si=QulNVazbMfBKuuva” title=