https://www.youtube.com/embed/j4GcZ1AjCOw?si=JedggW70-R2_abue” title=
Author: Supun
නිදන් ඉන්න වන අලින් ලගට යන මේ නිර්භීතකමක්ද ? නැත්නම් මෝඩ කමක්ද ? ඔබම තීරණය කරන්න…..
https://www.youtube.com/embed/2NxiqkFdZk8?si=yKVXpEJXiGJBazQ-” title=
ශ්‍රී ලංකා කන්ඩායමට වැරදුනේ කොතනද ? මහේෂ් තීක්ෂණ කියන කතාව….
https://www.youtube.com/embed/meZ9vHefiSg?si=Db-CxWM1FWaONU6R” title=
T20 WC: නවසීලන්ත කණ්ඩායමත් නිල වශයෙන් ඉවතට
2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුව තිබෙනවා.
ඒ අනුව ඔවුන් අයත් වූ C කාණ්ඩයෙන් සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සුපිරි 8 වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන අවසන්.
ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වනවා – හරීන් ප්‍රනාන්දු
එළැඹෙන ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සැලසුමක් IMF වෙත ඉදිරිපත් කර තිබෙනවා – ශෙහාන් සේමසිංහ
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයන සීමා ලිහිල් කිරීමටත්, සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා සඳහා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම, මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් යෝජනා කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සංවර්ධන නිලධාරී සේවයේ කඩඉම් විභාග පැවැත්වීම ගැන දැනුම්දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ III ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙනවා.
විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත්, එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු ගැටලුවක් නැහැ – Peter Brewer
ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු ගැටලුවක් නොමැති බව එහි ශ්‍රී ලංකාව සම්බන්ධ දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී Peter Brewer පවසනවා.
ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන නමුත්, අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාල රාමුවක් සකස් කරගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහු විසින්ම සැලසුම් සහගතව සිදුකළ එකක් – පොලීසිය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය එම මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම් සහගතව සිදු කළ එකක් බව විමර්ශන වලදී නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද අතර, සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
2023 වසරේ සැප්තැම්බර් 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වූ අතර, වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැහැ.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් තලවාකැලේ සහ වටගොඩ අතරදී පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ (13) බාධා මතුව තිබුණා.
