කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
කුරුණෑගල කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම දැරිවියගේ මව විදේශගතව සිටි අවධියේ මෙම අතවර සිදුවී ඇති බවත් පාසලේ තම පන්තිභාර ගුරුවරිය වෙත මෙම සිද්ධිය දරුවා විසින් සැලකිරීමෙන් අනතුරුව කුරුණෑගල කාන්තා කාර්යාංශයට දැන්වීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදු කරන ලද අතර දැරිවිය කුරුණෑගල සීක්ෂණ රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.
දැරිවියගේ මව විදේශගත වීමෙන් පසු වරින් වර මෙම සිදුවීම සිදුව ඇති බවත් දැනට මසකට පමණ පෙර මව නැවත ලංකාවට පැමිණ ඇති අතර දැනට දැරිවිය මව භාරයේ සිටි.
අධිකරණ වෛද්‍ය වාර්තා කුරුණෑගල සීක්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.
Author: Supun
ගංවතුර සහ දේශපාලනය
https://www.youtube.com/embed/FFqqyq44bb8?si=Wa2mxEDlMutUQ-KI” title=
“225 සම්බන්ධ කරන් නම් එන්න එපා” මෛත්‍රී ගුණරත්නගේ මූහුනටම මිහින්තලේ හිමියන් කියපු අයුරු……
https://www.youtube.com/embed/5F1iz-V0vS0?si=2vkHqezIa4ymQLq_” title=
අවුරුදු 110 ක් වයස තවමත් කවි කියන කරන්දෙනියේ මේනියල් සීයාගේ උපන් දිනය සැමරුන අපූරුව……..
https://www.youtube.com/embed/4u_l9XI80a8?si=1yhezOFBW82tiUTE” title=
විවාදෙන් පැනලා යන අය දැන් බයිලා කියලා වැඩක් නැහැ නලින්ද සජිත්ට කියයි….
https://www.youtube.com/embed/wKHPDC3BAD4?si=Gbq6iuegXMu03hIX” title=
ගෙල කපා කුරිරු ලෙස ඝාතනය කෙරුන මීවනපලානේ කාන්තාව….
https://www.youtube.com/embed/ioM8iXpkOUE?si=Jo2ZPPJxlw4XDep3″ title=
සියළුම ආකාරයේ ලිංගික හිරිහැර අපරාධයක් බවට පත්කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය
ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙන බවයි සඳහන් වෙන්නේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

2025 ජනවාරි සිට ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාද මෙලෙස අනුමැතිය හිමිව අති බවයි සඳහන් වෙන්නේ.
රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුනා.
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනපති
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත්, එසේ නොමැති වුවහොත් නැවතත් කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක, ඖෂධ හා පොහොර සපයාගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත්, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරැද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

