https://www.youtube.com/embed/kjWpjbVllFY?si=VJX9DnrRLWj2XnUw” title=
Author: Supun
දෙමටගොඩ කමල්ගේ අවි දෙකක්ද සමග පුද්ගලයින් දෙදෙනෙක් හොරණ හා හංවැල්ලේදී අත්අඩංගුවට….
https://www.youtube.com/embed/p7_3KxKqEhI?si=PEJumtPUqb0x0jyT” title=
ජපානයේ පැතිර යන බැක්ටීරියාව ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අංශ
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
streptococcal toxic shock syndrome ලෙස හඳුන්වන මෙම බැක්ටීරියාව මේ වසරේ පළමු මාස 6දී පමණක් නව ආසාදිතයන් 977ක් ජපානයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බවත් කලාතුරකින් එහි සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.
ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකි බවත් අපේ රටට ඇතිවේ යැයි අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්
ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (19) ආරම්භ කර තිබෙනවා.
පසුගිය සමයේ අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ එක්ව මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
“වෙනසක තාරුණ්‍යය” ජාතික සංවිධායක ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, නීතිඥ නුවන් බෝපගේ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු උඩුවරගෙදර ඇතුළු පුද්ගලයන් සහ පක්ෂ කණ්ඩායම් ගණනාවක් මෙයට ඇතුළත්.
අද ඩොලරයේ විකුණුම් මිල රු. 309 දක්වා ඉහළට
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.20 ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63 ක් ලෙස දක්වා තිබෙනවා.
ඒ අනුව මාර්තු මාසයෙන් පසුව යළිත් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිල්ක් රූට් පර්යන්තයෙන් දිවයිනට
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද උදෑසන 8.40 ට පමණ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට ඔවුන් පැමිණියද මෙවර මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරනවා – ජනපති
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.
නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කෙරේ
බුදු දහම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.
නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් සම්බන්ධව ඇය අත්අඩංගුවට ගත් අතර, එම වැඩසටහන සංවිධානය කළ බවට සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදක බෲනෝ දිවාකරව පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබුණා.
මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හා පීඩන තත්ත්වයන් හදුනාගැනීමේ උපකරණයක් කටුකුරුන්ද මුහුදු වෙරළෙන් හමුවෙයි.
මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හා පීඩන තත්ත්වයන් හදුනාගැනීමේ උපකරණයක් කටුකුරුන්ද මුහුදු වෙරළෙන් හමුවෙයි.
ගල්පාත චන්දන පෙරේරා
කළුතර ,කටුකුරුන්ද පිහිටී හෝටලයක් ආසන්න මුහුදු වෙරලේ තිබී හදුනා නොගත් උපකරණයක් ඊයේ සවස 6 .30 පමන හමුවී ඇති අතර ,එය දුටු පුද්ගලයා කළුතර දකුණ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු ,කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් ඒ පිලිබදව වැඩිපුර පරික්ෂණ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට දැන්වීමෙන් අනතුරුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී ” FRF-500S streamar recovery devis “යන නමින් හදුන්වන මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හෝ පීඩන හදුනා ගැනීමේ උපකරණයක් බවට පරික්ෂණ වලින් හදුනාගෙන ඇති අතර පසුව එය කටුකුරුන්ද පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරින් විසින් එම ස්ථානයෙන් රැගෙන යන ලදි.
කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළට ආසන්නයෙන් ගමන් ගන්නා නැවකින් මෙය වැටෙන්නට ඇතැයි විශ්වාස කරයි.
