දෙහිවල පොලීසියේ ක්‍රියා කලාපයට එරෙහිව පිරිසක් විරෝධතා කරමින් පාරට බහියි….

https://www.youtube.com/embed/IIK9lWR1Z1M?si=RmbMJeGlwOtcaRh8″ title=

එන්න නියමිත නව දේපල බද්ද ප්‍රගතිශිලී බද්දක් – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය….

https://www.youtube.com/embed/4azIKzezvBU?si=Zbuej0c3cGeyuzwX” title=

තරග අවසානයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිදු හසරංග මාධ්‍ය වලට කියපු කතාව…..

https://www.youtube.com/embed/MaRwOPmNKXA?si=KFhk7UPk_MnHVQKy” title=

සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය හොරොව්පොතානේ කාන්තාවකට විදින්න වී ඇති වේදනාවල්…..

https://www.youtube.com/embed/Tx3KvG1adcc?si=HRqjiNh_v-DBtBsz” title=

නිමල් සිරිපාලට රෙදි නැතිවෙන්න මෛත්‍රී කරන්දෙනියේදී කියපු සැර කතාව…..

https://www.youtube.com/embed/GWXKy4Ngblg?si=yK10-ZdqhtAKQf_i” title=

තරුෂි හා කාලිංග අද තරග බිමට

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාරගේ අද තරග බිමට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.50 ට තරග වැදීමට නියමිතයි.

එසේම තරුෂි කාන්තා මීටර් 600 ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.05ට තරග වැදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

SL vs WI Women 2nd ODI: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 31 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 4 ක්, චමරි අතපත්තු හා අචිනි කුලසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 22 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 50 ක් හා කවීෂා දිල්හාරි ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

පුපුරාගිය ජල නලය අලුත්වැඩියා කළත් ඇතැම් ප්‍රදේශවලට ජලය ලැබීමට තවත් කාලය ගතවේවි – ජල සම්පාදන මණ්ඩලය

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද, 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (18) පස්වරු 6.00 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවීමෙන් එම නලයට හානිවී තිබුණා.

රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

දියත උයන අසල විරෝධතාවයේ නිරත රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මීට පෙර පොල්දූව මංසන්ධියේද මෙම විරෝධතාවයේ නිරතව සිටින රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට ජල ප්‍රහාරය පොලිසිය එල්ල කර තිබුණා.

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබෙනවා.

සිය ගැටලුවලට නිසි පිළිතුරක් නොමැති පසුබිමක සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.