https://www.youtube.com/embed/gKwDkoq3j3Y?si=UdT4sT-rA5vR-BsS” title=
Author: Supun
දැඩි ආරක්ෂාවක් එක්ක කටුනායක ගුවන් තොටුපලින් එලියට ආපු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම….
https://www.youtube.com/embed/ZiaaiXFzBcM?si=O88AoqKs-Wo1M9RP” title=
මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි – මැ.කො.
මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම වසරට වසර 5ක් සම්පූර්ණ වන බවයි වැඩසටහනක් අමතමින් ඔහු සඳහන් කළේ.
ඒ අනුව නිශ්චිත වශයෙන්ම අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කෙරේ
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත්කර තිබෙනවා.
ඒ අනුව යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඉන්දීය විදේශ ඇමති දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.
අංක 15, නව කොළොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ, මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන හෙයින්, ඇය නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකර මෙම මුදල් උපයාගත්තේද? යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනයේදී පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 780කට මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ CBM – 1949 දරන රෙන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එම ජීප් රථය පියුමි හංසමාලි විසින් සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල හා මුදල් ගෙවීම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට අදාළ ජීප් රථයේ පෙර හිමිකරු වන වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ නාවල පදිංචි හේවා තොන්ඩිලගේ ජනක ජයදිනුම් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය දන්වා සිටියේය.
තම ඥාතියකු වන මදුර වික්‍රමරත්න යන අය දැනට වසර 35ක් 40ක් පමණ කාලයක සිට යුද හමුදාව වෙත ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බවත්, එම කොන්ත්‍රාත්තුවේදී විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හඳුනාගත් බවත් පියුමි හංසමාලි මිලදී ගත් ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත්, එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගනයේ නවතා තිබියදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිත කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රේන්ජ් රෝවර් ජීප් රථය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා 2020 වසරේදී ලබාදුන් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.
නැවත 2021 වසරේදී එම ජීප් රථය ලබාදීමෙන් පසුව තම වාහන අංගනයේ විකිණීම සඳහා තබා තිබූ බවත්, ඒ සඳහා ikman.lk හා Hit add යන වෙබ් අඩවි මගින් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව පියුමි හංසමාලි හා ප්‍රගීත් යන අය සමග 2023 මාර්තු 7 දින ජීප් රථය පරික්ෂා කර රුපියල් ලක්ෂ 5ක මුදල් අත්තිකාරමක් හා රුපියල් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමකට බැර කර ඉතිරි මුදල් තමාගේ ගිණුමට වරින් වර තැන්පත් කළ බවත්, රුපියල් ලක්ෂ 480ක් සඳහා ලීසිං සමාගමකින් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට මෙම ජීප් රථය පියුමි හංසමාලි විසින් මිලදී ගත් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම රේන්ජ් රෝවර් ජීප් රථය මිලදී ගැනීම සඳහා පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් පහසුකමක් ලබාගත් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරි එළුබාබලගේ ගිහාන් බුද්ධික යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම ජීප් රථය සඳහා ජාතික හැඳුනුම්පත් අංක 199282700335 හිමි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය විසින් අවස්ථා තුනකදී ෆිනෑන්ස් පහසුකම් ලබාගෙන ඇති බවත්, එහි ඇපකරුවන් ලෙස අගම්පොඩි ප්‍රගති තනුෂ්ක මැන්දිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් අත්සන් තබා ඇති බවත්, ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය ලබාදෙමින් පවසා තිබේ.
පළමු අවස්ථාවේදී එනම් 2023 මාර්තු 7 වන දින රුපියල් ලක්ෂ 400ක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ තම ආයතනය ලබාගත් බවත්, අදාළ රථයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 800ක් බවත්, අදාළ ෆිනෑන්ස් පහසුකම මේ වන විටත් සක්‍රිය තත්ත්වයේ පවතින බවත් සෑම මසකම වාරික මුදල ගෙවීමට ඇති දිනට පෙර ආයතනය මගින් පියුමි හංසමාලිට දුරකථන ඇමැතුමක් දී දැනුවත් කිරීමේදී ගෙවීමට ඇති මුදලට වඩා වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් ණය චෙක්පත් ලබාදෙන බවත්, අවස්ථා කිහිපයකදීම ඇයගේ කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පිහිටි නිවස වෙතද ගොස් චෙක්පත් අත්සන් කර පැමිණ තිබෙන බවත් ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
පියුමි හංසමාලි විසින් වෝඩ් පෙදෙස, කොළඹ 7 පිහිටිද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් මිලියන 148කට මිලදී ගෙන අති බවට කරුණු අනාවරණය වූ හෙයින් ප්‍රයිම් ගෘෘප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිනී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු යන අයගෙන් අදාළ නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
2023 අප්‍රේල් 21 වන දින පියුමි හංසමාලි විසින්ද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 23 වැනි තට්ටුවේ නිවසක් මිලදී ගෙන ඇති බවත්, එම නිවස සියලු ගෘහ භාණ්ඩ සහිතව වර්ග අඩි 1440කින් සමන්විත බවත්, එහි කාමර 3ක්, නාන කාමර 3ක්, බැල්කනි 4ක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 148ක් බවත්, අවස්ථා 15කදී රුපියල් මිලියන 3 සිට මිලියන 50 දක්වා ගෙවීම් කරමින් 2023 දෙසැම්බර් 27 දින වන විට ගෙවීම් අවසන් කළද අදාළ ඔප්පුව මේවන තෙක් පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර නොමැති බවත් කාංචනා ප්‍රනාන්දු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
පියුමි හංසමාලි විසින් එම වත්කම් මිලදී ගැනීමේදී තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇය පවත්වාගෙන යන ‘LOLLIA SKIN CARE (PVT) LTD’ ආයතනය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල බහා තබනු ලැබීය.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.
පසුගිය මාස කිහිපයට ප්‍රථම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර ගැනීමේදී අනුර කුමාර දිසානායක මහ්තා ප්‍රමුක ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාව සඳහා නාම යෝජනා භාර දුන් තුෂාර රාජපක්ෂ මහතා (18) දින එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය කොට්ඨාස සංවිධායකවරයා වශයෙන් පත්වීම් භාරගෙන ඇත .
තනතුරට අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් තුෂාර රාජපක්ෂ මහතාට ලබාදෙන අයුරු ඡායාරූපය දිසවේ.
මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
24-06-19
කැකිරාව කුෂාන් ජයවර්ධන
මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මෙවර ද ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු ජාතික පොසොන් උත්සව කමිටුව විසින් සූදානම් කර ඇති බව ද උන්වහන්සේ පවසති.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීමත් වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියෙහි ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුතුව සියළු බැතිමතුන් කටයුතු කළ යුතු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ අවධාරණය කරති.
පොසොන් උදාවත් සමඟ අනුරාධපුර අටමස්ථානය ඇතුළු ආගමික ස්ථානයන්හි දී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදුකරමින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරිම බෞද්ධයින්ගේ අරමුණ වී තිබේ. බැවින් ඒ සදහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් මෙම පූජා භූමිය අපවිත්‍ර නොකොට දැහැමි සිතින් යුතුව සිය ආගමික වතාවත්වල නිරත වන ලෙස ද ආගමික ස්ථාන වැඳපුදා ගැනීමට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් අටමස්ථානාධීපති නායක හිමියෝ ඉල්ලා සිටිති .
වාද්දුවේ SPA එකකට ඇවිත් 60000 හොරාගෙන යන හැටි CCTV කැමරා වල පටිගත වුන අයුරු…
https://www.youtube.com/embed/2IUQcK176AE?si=JhzPV8luWy1q_dZ9″ title=
දේශපාලකයන්ගේ වරප්‍රසාද අයින් කලොත් රටේ ණයෙන් දෙකෙන් පංගුවක් ගෙවන්න පුළුවන් – වනවාසී රාහුල හිමි….
https://www.youtube.com/embed/9qkkCwRMDgE?si=rri8CXB6-OLir28C” title=
