ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකියි – නීතීඥ සාමූහිකය

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියම කළ යුතු වාතාවරණයක් ඇති වන බව නීතීඥ සාමූහිකය පවසනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත වී දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

මේ හරහා එක ළඟ අවස්ථාවන් දෙකකදී ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවීම හරහා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ උපරිමය සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවත්, යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකි බවයි නීතීඥ සාමූහිකය වැඩිදුරටත් සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66963f45ea0e1 66963f45db76f

ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කීරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එකී කෙටුම්පත ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

669620d5c8365

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛණය බවයි මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව 17,140,000 මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඒ සඳහා මැයි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ නව ඡන්ද දායකයින් 76,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ඔහු සඳහන් කළා.

ඡන්ද විමසීම සඳහා යොදාගන්නා නිලධාරීන්, මැතිවරණයට යොදා ගන්නා රජයේ වාහන සඳහා සංගණනයක් සිදුකරමින් පවතින බවත් ඡන්දය පැවැත්වීම සඳහා සුදුසු ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතුද මේ වන විට සිදුකරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපති, තැපැල්පතිවරයා සමඟද මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙවර මැතිවරණයේදී පළමු වරට නව අත්දැකීමක් ලෙස වියදම් නියාමනය සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ජූලි මාසය අවසන්වීමට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි මේ මොහොතේ මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී මිල පහළට

විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

එසේම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සාවින්ද්‍රි පෙරේරාට MasterChef තරගාවලියේ තුන්වන ස්ථානය

MasterChef Australia තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත්ව තිබෙනවා.

ඒ අනුව MasterChef Australia තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු වුණා.

ඇය MasterChef Australia තරඟාවලිය පුරා ශ්‍රී ලාංකීය ව්‍යාංජන පිළිගැන්වූ ආකාරය විනිසුරුවරුන්ගේද නොමද ඇගයීමට ලක්ව තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.

මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

අද (16) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LPL Match Summary: Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම්වලට ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ ඊයේ (15) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම් සමත් වුණා.

දිනයේ පළමු තරගය ලෙස Kandy Falcons කණ්ඩායම හා Dambulla Sixers කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 54 ක ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Sixers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලබුණේ ලකුණු 168 ක් පමණයි.

දිනයේ දෙවන තරගය ලෙස Colombo Strikers කණ්ඩායම හා Galle Marvels කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Marvels කණ්ඩායමට ආරධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 5 ක දඩයක් අධිකරණයට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.