ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ආරම්භ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේ සේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම සිදු කරනු ලබනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු වන නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ඉල්ලා සිටින්නේ.

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සජබෙන් අතුරු පෙත්සමක්

ජනාධිපතිවරණය කල් දැමීමේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතුරු පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) සලකා බැලීමට නියමිතව තිබෙනවා.

විදුලි ගාස්තු 22.5% කින් පහළට

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.

* ඒකක 30ට අඩු – ( රු. 8 සිට රු.6 දක්වා අඩු කෙරේ)

* ඒකක 30-60 අතර – ( රු. 20 සිට රු.9 දක්වා අඩු කෙරේ)

ඒකක 60 ට වැඩි කාණ්ඩ

* පළමු ඒකක 60 දක්වා – ( රු. 25 සිට රු.15 දක්වා අඩු කෙරේ)

* ඒකක 61-90 අතර – ( රු. 30 සිට රු.18 දක්වා අඩු කෙරේ)

* ඒකක 91-120 අතර – ( රු. 50 සිට රු.30 දක්වා අඩු කෙරේ)

* ඒකක 121-180 අතර – ( රු. 50 සිට රු.42 දක්වා අඩු කෙරේ)

* ඒකක 180 ට වැඩි – ( රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ)

අදාළ නිවේදනය පහතින්.

6694f6af3804cpdf_page_0

ආධුනික නාට්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට විධිමත් සහ නිවැරදි අවස්ථාවක් සලසාදීම තුළිත් කා ක්ෂේත්‍රය පෝෂණය කිරීමේ අරමුණින් කෙටි නාට්‍ය වැඩමුණුවක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කරන බවයි සඳහන් වෙන්නේ. කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බස්නාහිර පළාත් කෙටි නාට්‍ය වැඩමුළුව සහ තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

ආධුනික නාට්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට විධිමත් සහ නිවැරදි අවස්ථාවක් සලසාදීම තුළිත් කා ක්ෂේත්‍රය පෝෂණය කිරීමේ අරමුණින් කෙටි නාට්‍ය වැඩමුණුවක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කරන බවයි සඳහන් වෙන්නේ.

කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

විදුලිය ගාස්තු පිළිබඳ දැනුම්දීම අද පස්වරුවේ

විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලිබල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව, විදුලිබල මණ්ඩලය මගින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසු විදුලිය ගාස්තු සංශෝධනය කරන බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් අද පස්වරුව වන විට විදුලිය ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ

විශේෂ නිවේදනයයි 2024.07.14

1007 කොළඹ – බදුල්ල සීග්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හීල් ඔය දුම්රිය ස්ථානය අතර පිළි පැනීමට ලක්වීම හේතුවෙන් 1046 බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ බව දන්වා සිටී

WhatsApp Image 2024-07-14 at 20.33.11 (2) WhatsApp Image 2024-07-14 at 20.33.11 (1) WhatsApp Image 2024-07-14 at 20.33.11

චන්දන පෙරේරා

මතුගම යන්න ගිය මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ මෝටර් රථය අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වෙයි….

https://www.youtube.com/embed/DFPSZlQcgjE?si=nidrzsT37QCIedql” title=

රවී කුමුදේශ් හා රුක්ෂාන් බෙල්ලෙන එකට හමුවෙයි සිද්ද වුනේ මොකක්ද ?

https://www.youtube.com/embed/94LupwPlnEE?si=hKE4M38cPURBqCff” title=

16250 ක වරිපනම් නොගෙව්වට විශ්‍රාමික යුවලගේ නිවසින් පුටු හතර අරන් ගියේ වරිපනම් හිලව්වටද…….

https://www.youtube.com/embed/2p6FNuy_9yk?si=pNmzW9-_9XRNccM1″ title=