තමා මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ අනුව ගාල්ලේ මේ වන විට පැවැත්වෙන “එක්ව ජයගමු” රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර මේ බව ප්‍රකාශ කළා.
තමා මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ අනුව ගාල්ලේ මේ වන විට පැවැත්වෙන “එක්ව ජයගමු” රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර මේ බව ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා.
ඒ අනුව අද (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘එක්ව ජයගමු’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට ඔහු සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ආචාර්ය විජේදාස රාජපක්ෂට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මීට මාස කීපයකට පෙර ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා පත්කරගත් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ නිල වෙබ් අඩවිය AKD.lk එළිදැක්වීම සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබෙනවා.
මෙම වෙබ් අඩවිය තුළ AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින අතර ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI තාක්ෂණය භාවිතා කරන පළමු අවස්ථාව මෙය බවයි එම පක්ෂය සඳහන් කළේ.
එමෙන්ම අද විවෘත කළ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන බවද, මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතින බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපතිවරණයට අදාළව, නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ පවසනවා.
ඊයේ පෙරවරුව වන විට ඒ සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ.
තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවද, ඊට අදාල ගැසට් නිවේදනය ද අද හෝ හෙට නිකුත් කරන බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සිය රාජකාරි කටයුතු ඊයේ නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරනවා.
ඔවුන්ගේ අනිවාර්ය රාජකාරිවලට අමතරව, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට සැලසුම් කර ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත දැනුම්දීමක් ලැබීමෙන් අනතුරුව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙන බවයි පොලිසිය නිවේදනය කරන්නේ.
මැතිවරණ කාර්යාලයේ නිලධාරින් හා අදාළ බලධාරින් සමග ඊයේ දිනයේ සාකච්ඡා කළ බවත්, මැතිවරණයට අදාළ රාජකාරි සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් කරමින් පවතින බවත් පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.
මෙම වසරේ ජූලි 15 වනදා වන විට විදෙස් සංචාරකයින් 1,095,675 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.
ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ යළි පිබිදීමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත්, යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
2024 ජනවාරි සිට ජූනි දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1556.64 ක ආදායමක් උපයා තිබෙන බවද, මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒ හරහා ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018 ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකි බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.
පාස්කු ප්‍රහාරය, COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට මුහුණ දී තිබුණු නමුත්, එම අභියෝග මධ්‍යයේ වුවත් සංචාරක අංශය දැන් පිබිදීමේ ලකුණු පෙන්නුම් කර බවද ලේකම්වරයා සඳහන් කරනවා.
පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගමන් බලපත් අයදුම් කිරීම සඳහා ජූලි 16 වනදා සිට https://www.immigration.gov.lk/ යන සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිම සඳහා සහාය දුන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවත්, එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
“ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී ඊයේ (26) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

https://www.youtube.com/embed/g08XxGzHN94?si=mm021HSTkWTdxtUz” title=