SL vs IND 1st ODI : වෙල්ලා​ලගෙන් අර්ධ ශතකයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් හා හයේ පහර 1 ක් ඇතුළත් වුණා.

SL vs IND 1st ODI : පැතුම්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.

බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි

බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ජනසෙත පෙරමුණ වෙනුවෙන් එම ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බස් – ලොරි අනතුරකින් පස්දෙනෙකු රෝහල් ගතකෙ​රේ

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන්ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස උපදෙස්

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැර ලෙබනනයට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව සංචාරක උපදේශනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

ජනපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවත්, රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් වූ පැමිණිලි ඒ අතර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

ලංකා ජනතා පක්ෂයේ නායක / සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි.

ලංකා ජනතා පක්ෂයේ නායක / සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස  ඇප තැන්පත් කරයි.

ජාතික ජන බලවේගය සිය දේශපාලනමය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගෙන

24-08-01

ජාතික ජන බලවේගය සිය දේශපාලනමය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගෙන
=========
ජාතික ජන බලවේගය පක්ෂය සිය දේශපාලනමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගන්නා බවට උතුරු මැද පලාතේ ගුරුවරු පිරිසකගෙන් චෝදනා එල්ලව තිබේ.
ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ගුරු සමුළුවක් ඉලක්ක කරගෙන ලංකා ගුරුසේවා සංගමය විසින් පාසැල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත ටිකට්පතක් අලෙවි කර ඇති බව පැවැසේ.
ඉකුත් දිනවල උතුරු මැද පලාතේ පාසැල් වෙත ගොස් ඇති ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයින් එම පාසැල්වල විදුහල්පතිවරුන් හරහා මෙම සමුළුව සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර තිබේ..
අගෝස්තු 02 වනදා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සදහා එක්වන ගුරුවරුන්ගේ පාලන කටයුතු වෙනුවෙන් බව පවසමින් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත රුපියල් 200ක ටිකට්පතක් අලෙවි කරමින් මෙම දේශපාලනමය කටයුත්ත සදහා ගුරුවරුන්ගෙන් මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය කටයුතුකර ඇති බව ද ගුරුවරු පෙන්වා දෙති.
ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) කොළඹදී පැවැත්වීමට නියමිත මෙම ගුරු සමුළුව දේශපාලනම ක්‍රියාකාරකමක් බව පෙන්වා දෙන ගුරුවරු මෙවැනි දේශපාලනික වැඩකටයුතු සඳහා ලංකා ගුරු සේවා සංගමය හරහා මුදල් එක් රැස් කිරීම සම්බන්ධයෙන් සිය කනගාටුව හා විරෝධතාවය ද පලකර සිටී.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක උතුරු මැද පලාතේ විදුහල්පතිවරුන් හරහා රජයේ පාසැල් තුළ ටිකට්පත් අලෙවි කරමින් වෘත්තීය සමිතියක් දේශපාලන කටයුත්තක් වෙනුවෙන් මුදල් රැස් කිරීම හා එමඟින් ගුරුවරුන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් පවතින නෛතික භාවය සම්බන්ධයෙන් විමසීමට උතුරු මැද පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ විය.

WhatsApp Image 2024-08-01 at 23.00.58

මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පෙර පාසලක තිබූ අඩි 50ක් පමණ උස පොල් ගසක ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලත් සිව් හැවිරිදි ගැහැණු ළමයෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මාවනැල්ල ප්‍රදීප්
මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පෙර පාසලක තිබූ අඩි 50ක් පමණ උස පොල් ගසක ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලත් සිව් හැවිරිදි ගැහැණු ළමයෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය දරුවා ඊයේ (01) පෙරවරුවේ පෙර පාසල් භූමියේ සිටියදී පොල් ගෙඩිය හිස මතට වැටී තිබෙන බව පොලිසිය පවසයි.
පෙර පාසල් ගුරුවරිය ගේට්ටුව වැසීමට යාමේ දී දැරිය ඇය පසුපස පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ ගේට්ටුව අසළ තිබූ පොල් ගසේ ගෙඩියක් දැරිය හිස මතට වැටී තිබේ.

මෙම පෙර පාසලේ සිසුන් හතළිහක පමණක් අධ්‍යාපනය ලබන බව වාර්තාවේ. එහි ගේට්ටුව අසල ඇති පොල් ගසේ වේළුණු පොල් ගෙඩි තුනක් පමණ තිබී ඇති අතර දැරියගේ හිස මතට වැටී ඇත්තේ ඉන් එකක් බව පොලිසිය පවසයි.

බරපතළ තත්ත්වයෙන් මවනැල්ල රෝහලට ඇතුළත් කළ දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර ඒවා ඇත.
මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී දැරිය මේ ගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

වෛද්‍ය ෂාෆි සහබ්දීන් ට අයත් බව කියන නිවසක තිබී අභීරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

24-08-01
==========

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට අයත් බව කියන කලාවැව බලලුවැව ප්‍රෙද්ශයේ පිහිටි නිවසක් තුළ තිබි සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් අද ගල්කිරියාගම පොලිසිය විසින් සොයා ගෙන තිබිණ.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගෙන තිබිණ.

මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීරපදිංචි මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි එක්දරු පියෙකි.

මිය ගිය පුද්ගලයා මින් මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රෙද්ශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති බවත් එම පුද්ගලයා මෙම නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ.

මිය ගිය පුද්ගලයා පෙර දින සවස ඒ අවට ප්‍රදේශවාසීන් සමග සුහදව කතාබහ කරමින් මනා සෞඛ්‍ය තත්වයකින් පසුවූ බවට ද ප්‍රෙද්ශවාසීහු පවසති.

එම නිවසේ කාමරයක ඇදක් මත වැටී තිබියදී පොලිසිය එම මළ සිරුර සොයාගෙන තිබිණ. මිය ගිය පුද්ගලයාගේ සිරුර වැටී තිබූ ඇඳ ආසන්නයේ වූ කුඩා මේසයක් මත තිබී ඖෂධ වර්ග කිහිපයක්ද පොලිසිය සොයා ගෙන තිබේ.

මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැත.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් එම නිවස භාරව සිටින බව කියන පුද්ගලයකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුන්ම ප්‍රකාශ සටහන් කරගැනීමට ද පොලිසිය මේ වනවිට කටයුතු කර තිබේ.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන අතර අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ නිලධාරීන් ද පැමිණ ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ(31) පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් මහතා විසින් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂනය පවත්වනු ලැබීය.

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ සඳහා සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත් එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඊයේ(31)සවස දඹුල්ල රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

ගල්කිරියාගම පොලිසිය මගින් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරයි.