බලාපොරොත්තු අහිමි වු ප්‍රේක්ශයන්ගේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරය….

https://www.youtube.com/embed/aBAaATBiwng?si=klXJYeLozZKF2U-R” title=

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරැ හමුවුන ජනපති රනිල් කියපු දේ…..

https://www.youtube.com/embed/Nq8aAu1xJ2o?si=lPnAar758Wz6UMRu” title=

“ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න” ඔමල්පේ සෝභිත හිමියන් ජනපති රනිල්ට කිව්වේ ඇයි ?

https://www.youtube.com/embed/XSK9UqRC2PM?si=7TiuFFD266iY4loX” title=

ජාතික ජන බලවේගයට රට ගොඩනැගීම සඳහා තියෙන සැලසුම්වල අංක එක අධ්‍යාපනයයි – අනු​ර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වැඩිපුරම අවධානය යොමු කරන්නේ අධ්‍යාපනය සඳහා බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙන් බවත්, රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනයට අවශ්‍ය මහා වෙනස්කම් සිදුකිරීමෙන් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41%ක් උපාධිධාරීන්ගෙන්ද 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්ගෙන්ද සමන්විත නමුත්, මෙරට ශ්‍රම බලකායෙන් වෘත්තිමය ශ්‍රමය ඇත්තේ 15%ක් පමණක් බවද, අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනඟා ගැනීමට කෙතරම් කැපවෙනවාද යන්න මත රට ඉදිරියට යාම තීරණය වන බවද ඔහු පෙන්වා දෙනවා.

අධ්‍යාපනය නැවතත් මුල්තැන ලෙස ගෙන ජාතික ජන බලවේගය යටතේ ප්‍රමුඛතම රාජ්‍ය වගකීම ලෙස බාර ගන්නා බවද, ලෝකයේ තිබෙන අලුත් දැනුම ලංකාවට ගෙන ඒම ද රජයේ වගකීමක් ලෙස බාර ගන්නා බවද ඔහු සඳහන් කළා.

රට වැටී තිබෙන තැන ගැන විවිධ විග්‍රහ තිබුණද රට නැවත ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බවයි ඊයේ (02) ලංකා ගුරු සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

66ae062d7f437 66ae062d977cc

මැතිවරණ වේදිකාවල පොරොන්දු දී, ඒවා ඉටු කිරීමට ණය ගැනීම නිසා මෙරට ආර්ථිකය කඩා වැටුණා – ජනපති

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ඊයේ (02) යාපනයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත්, නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනපතිට හදවත දෙන්න පුළුවන්, හැබැයි හාරත ලකුණ දෙන්න බෑ – මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ ලකුණක් ලෙස හදවත ලකුණ යම් අපේක්ෂකයෙකුට ලබා ගත හැකිමුත් හාරත ලකුණ ලබාගත නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

දැනටමත් ඇස, කන, අත වැනි ලකුණු එලෙස ලබාදී ඇති හෙයින් කූටීර හතර සහ රුධිර නාලිකා සහිත ජීවවිද්‍යාත්මක හෘදය වස්තුවේ ලකුණ ලබාදීමේ ගැටළුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් ස්වාධීන අපේක්ෂකයෙකුට නිශ්චිත ලකුණක් ලබාගත නොහැකි බවද, එම ලකුණම තව කෙනෙකු ඉල්ලා සිටියොත් කුසපත් ඇදීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.

වත්මන් ජනාධිපතිවරයා ස්වාධීනව තරග කිරීම සඳහා හදවත ලකුණ ඉල්ලා ඇති බව වාර්තා වන හෙයින් එම ලකුණ ලබාදිය හැකිදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු මැතිවරණ කොමසාරිවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අංකයක්

ජනාධිපතිවරණ කාල සීමාවේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් විසින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ.

ඒ අනුව, 0767914696 යන දුරකථන අංකයට හෝ 0112505566 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45 ක් – පැෆ්රල්

මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එයින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

නිසි ක්‍රමවේදයකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වෙනවා – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

බිත්තර ආනයනය කිරීමේ රජයේ තීරණයට හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරන්නේ.

ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
නුවරඑළිය සිට හැටන් දක්වා ගමන් කල පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට නුවරඑළිය දෙසට පැමිණෙමින් සිටි සහල් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටම් ප්‍රදේශයේ (02) උදෑසන සිදුවූ රිය අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල සහිතව 1990 ගිලන් රථයක ආධාරයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසිය සඳහන් කරයි .
ලොරි රථය අදික වේගයෙන් පැමිණ මාර්ගයේ ඉඩ ලබා දීම සදහා මාර්ග නීතියට අනුව අවසර ඇති පරිදි විරුද්ද දිසාවට තරමක් හැරවීමේදී රොරි රථය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ,
අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද ලිදුල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි ,
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බස් රථ රියදුරු හඩිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති අතර සුළු තුවාල සිදු වූ රෝගීන් තිදෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රථම ආධාර සිදුකර රෝහලින් නික්ම යාමට හැකි තත්ත්වයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.