මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල සඳහන් කළේ.

ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මම වැඩ පෙන්නලා තමයි ඉවත් වෙලා යන්නේ – හරීන්

සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් තමන්ට තනතුරු අත් හැරීම මහා ලොකු දෙයක් නොවන බවත්, රට වැටී තිබූ අවස්ථාවක ඇමතිකම ලබා ගනිමින් තමන් වැඩකළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේ තමන් ඉවත්වී යන්නේ වැඩ පෙන්වා බවයි සිය ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන් ක්‍රිකට් ක්‍රීඩාව තැනකට ගෙන ඇති බවද, තමන් අමාත්‍යංශ 4 ක වගකීම් නිවැරදිව ඉටුකර ඇති බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්

පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නාම යෝජනා දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ඊට කොළඹ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

සතො​ස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ලූනු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හරීන් සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කර තිබුණා.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.

අගෝස්තු 11 ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සීදූව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය කිරීමට පියවර

ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

අතුදන්වී සිටි දුම්රිය සේවකයා දෙමටගොඩ ධාවන අංගනයේම ලිදක වැටී මියගොස් සිටියදී සොයාගනියි….

https://www.youtube.com/embed/C7Jm41gDoPE?si=XbBs29ZI6AHFTp1Q” title=

දෙන්නේ සතියයි මෙන්න කරන්න ඔනේදේ.. මිහින්තලා නා හිමියන් අපේක්ෂකයොන්ට දුන්න පණිවිඩය……

https://www.youtube.com/embed/4k6T0DG5L9w?si=sDhTKzh5YwQrUz4B” title=