හිටපු සභාපතිවරයාගේ ඔළුවේ අමාරුව ගැන කියන මන්ත්‍රී මරික්කාර්….

https://www.youtube.com/embed/lL6Ywp3HFZs?si=lOJwCbdcdrNe5EDt” title=

තුෂාර,සමන්ලාල් පොහොට්ටුවෙන් හැලෙයි..හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සහය ජනපති රනිල්ට…..

https://www.youtube.com/embed/EES0TAbGtpw?si=gQtjswhO_FQALPpl” title=

“තාමත් 40 ලක්ෂයක් අපේ” ගියපු ඡන්ද ගානයි ඉන්න ඡන්ද ගානයි ගැන කියන කුට්ටිආරච්චි……

https://www.youtube.com/embed/v3vsCZjaAmM?si=rkd7NFrKaL1Fl-XJ” title=

ජනාධිපතිවරණට අපේක්ෂකයින් වැඩිවන විට, සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් යනවා – මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් වැඩිවන විට, ඒ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටියා.

මතවාදමය වශයෙන් ජනාධිපතිවරණය නියෝජනය කිරීම ගැටළුවක් නොවන බවත්, නමුත් බොහෝ දෙනා අපේක්ෂකත්වය ලබාගන්නේ මාධ්‍ය ආවරණ කාලය ලබාගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ වෙනත් එවැනි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් බව ද ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා.

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළ හැකි ඡන්ද පත්‍රිකාවක උපරිම දිග අඟල් 27.5 ක් බවත්, ඒ ප්‍රමාණය ඉක්මවා ගියහොත්, පේළි දෙකකට පත්‍රිකාව මුදුණය කිරීමට සිදුවන බවයි කොමසාරිස්වරයා පවසා සිටියේ.

එසේ වූ විට ඡන්ද පෙට්ටියකට බහාලිය හැකි ඡන්ද පත්‍රිකා ගණන අඩු වන නිසා ඡන්ද පෙට්ටි ගණන වැඩි වන බව ද, ඒ හේතුවෙන් ප්‍රවාහන වියදම් ඇතුළු සියළු වියදම් ඉහළ යන බව ද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය ජනාධිපති මැතිවරණ ගණනාවකම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණු විට අනෙකුත් සියලුම අපේක්ෂකයන් ලබාගෙන තිබුණේ 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

ICC මගින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග ඔවුන් මෙලෙස මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.

සජබයේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූර සඳහා පත්වන අය ගැන දැනුම්දීමක්

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පත්කෙරෙන දෙදෙනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ පත් කිරිමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

හරීන් ප්‍රනාන්දු ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගත් අයෙකු වන බැවින්, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව එම මන්ත්‍රී ධුරයට පත්වෙන පුද්ගලයා ගැන තීරණයක් ගන්නා බවයි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.