අනුර දිසානායක වෙනුවෙන් ජාතික ජන බලවේගය ජනපතිවරණයට ඇප තැම්පත් කරයි…..

https://www.youtube.com/embed/g9HLjeCl-YA?si=fL0bDNZzal1l6rmm” title=

සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදකී

”සැමට ජයක් සමගි රටක්” යන තේමාව යටතේ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (08) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා ගොඩ නැගෙන මෙම සන්ධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10කට වැඩි පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය සහ උතුර – නැගෙනහිර පක්ෂ කිහිපයක් එම සන්ධානයේ පාර්ශ්වකරුවන් වනවා.

ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයින්ට ඡන්දය භාවිතා කළ හැකි ආකාරය ගැන දැනුම්දීමක්

ඡන්දය භාවිතා කිරීමට යම් අයෙකුට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ඔවුන්ට රියදුරු බලපත්‍රය, භික්ෂු හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය යොදා ගැනීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එවැනි කිසිවක් නොමැති පුද්ගලයෙකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී ඡායාරූප දෙකක් සමඟ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සමගි ජන සන්ධානය පිහිටුවීම අද

සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය අද (08) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පිහිටුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ”සැමට ජයක් සමඟි රටක්” මැයෙන් මෙම සන්ධනය එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානය පිහිටුවන අතර, එම පක්ෂයට සහය දක්වන අනෙකුත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එම අවස්ථාවට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

කෙහෙළිය ඇතුළු පිරිස අගෝස්තු 22 දක්වා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවද සඳහන්.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනා අගෝස්තු 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජපානයේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක්

ජපානයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව Kyushu හා Shikoku යන ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වැලිකඩ සිරකරු ඝාතනවලට මරණීය දණ්ඩනය නියම වූ එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කෙ​රේ

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිදුවූ සිරකරු ඝාතන චෝදනාවලට ඔහු වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් 95 ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Longlist) නිර්මාණ අත්පිටපත් 07 ක් අද ප්‍රකාශයට පත්කෙරුණා.

මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස ප්‍රභා මනුරත්න‍, රංජිත් පෙරේරා සහ විදර්ශන කන්නන්ගර කටයුතු කරනවා.

මෙම දීර්ඝ ලැයිස්තුගත අත්පිටපත් 07 න් අවසන් වටය සඳහා නිර්දේශ වන අත්පිටපත් 03 කෙටි ලැයිස්තුගත කිරීම (Shortlist) අගෝස්තු දෙවැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

දීර්ඝ ලැයිස්තුගත නවකතා නිර්මාණ අත්පිටපත් 07 පහතින්,

66b446cf124ae

රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ, ජ්‍යෙෂ්ඨ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 80 වන වියේ පසු වුණා.

1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” සහ “රේඩියෝ සඟරාව” යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් වුණා.

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක​ට සූදානම් වෙයි

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන් හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි. ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිය වෘත්තීය ක්‍රියා මාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.