රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය අද මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලියට එක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය අද මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලියට එක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී Ollie Pope ලකුණු 154 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 263 ක් පමණක් වන අතර පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 64 බැඟින් ද, ධනංජය ද සිල්වා ලකුණු 69 ක් ලබා ගත්තා.
දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 156 ක් පමණක් වන අතර එහිදී පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර, පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 127 ක් ලබා ගත්තා.
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.
ප්‍රචාරණ රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා දල්වා ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන ජන රැළියක් මේ වන විට මහනුවර දී පැවැත්වෙනවා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.
ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා ඇති බවයි සඳහන් වෙන්නේ.
වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත් ආශ්‍රිතව පැවතින බවද සඳහන්.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
මෙම නිවේදනය පහතින්.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා.
ඒ අනුව අද සිට ලබන 12 වනදා දක්වා අදාළ නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම නාම යෝජනා භාරගැනීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.
ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක් බවයි වාර්තා වෙන්නේ.
එසේම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවද සඳහන්.
අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 162 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බෝට්ටු 11ක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබෙනවා.
ඇය පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.
ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් ගැන තමා කතා කළ පසු වත්මන් ජනාධිපතිවරයා එයට විහිළු කිරීමට පටන්ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ විහිළු කළේ තමාට නොව, ඔවුන්ටම බලය ලබාදුන් මෙරට අහිංසක ජනතාවට බවයි මොරවක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එම ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා ඒ සඳහා ඔහුට පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.