මෙරට 21 වනදාට බිහි වන්නේ පොදුජන යුගයක් – සජිත්

මෙරට ඉතිහාසයේ දූෂණය පිටු දකින ස්වර්ණමය යුගය ලබන 21 වනදා ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හා අනුර කුමාර දිසානායකගේ අරමුණ වන්නේ කුමක් හෝ සිදුකර තමාව පරාජයට පත් කිරීම බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

තමාගේ සහ තම කණ්ඩායමේ අරමුණ වන්නේ කඩා වැටුණු මාතෘභූමිය යළිගොඩගෙන ජන ජීවිත සුඛිත මුදිත කරන සංවර්ධනයේ සෞභාග්‍ය උදාකරලීම බවද ඔහු සඳහන් කළා.

මෙරට 21 වනදාට බිහි වන්නේ පොදුජන යුගය බවයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බව මුලතිව් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

රනිල් “යාළුවා” කියලා ශේප් වෙන්න ආවට 21න් පස්සේ යාළුවාගේ තරම බලාගන්න පුළුවන් වෙයි – අනුර

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ.

වෛද්‍ය උපදෙස් මත කෙටි විවේක ගැනීමකින් අනතුරුව අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අදාළ මිල අඩුවන ආකාරය පහතින්.

66dd3de64e371

අනුරගේ ප්‍රකාශය ජාතිවාදී අරමුණකින් සිදුකළ ප්‍රකාශයක් නෙවෙයි – සුමන්තිරන්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාතිවාදී ප්‍රකාශයක් සිදුකළා යැයි තමන් විශ්වාස නොකරන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

තමා අනුර කුමාර දිසානායක ගැන හොඳින් දන්නා බවත් ඔහු විසින් සිදුකළ එම ප්‍රකාශය ජාතිවාදී අරමුණකින් සිදුකළ එකක් නොවන බවයි යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාව බලාපොරොත්තු වන වෙනස ගෙන්වා ගැනීමට අනුර කුමාර දිසානායක හා ඔහුගේ පක්ෂය සමඟ කටයුතු කිරීමට සූදානම් බවද එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් සඳහන් කළා.

අද විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කෙරේ

අද (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනුර දිසානායක කටුවාපිටිය පල්ලියටවත් ගිහින් තියෙනවද ? – නීතීඥ ලිහිණි ප්‍රනාන්දු……

https://www.youtube.com/embed/uB_m7mOto94?si=QUPwOPeRj2uRxjoj” title=

රනිල්ගේ රැල්ල දැකලා ජෙප්පන්ට උතුර දකුන මාරු වෙලා කියන සුගත් හේවාපතිරණ…

https://www.youtube.com/embed/zoXfyKBJv7Y?si=ULPUGotiH_d5bATy” title=

අත්අඩංගුවට පත්වුන පිරිස බලන්න ආපු ඇමති චාමර දාලා ගියපු සද්දය…

https://www.youtube.com/embed/detgLFnmedM?si=oK6eUURTPP5r8eNM” title=