කුරියර් කරලා යවන්න ලැහැස්ති නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය….

https://www.youtube.com/embed/NcsVDrse3m8?si=nO6rwJC9wsQhBcoG” title=

බලශක්ති නියාමනයට නව ආයතනයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැති​ය

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන අංශයන් සඳහා නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව පත්කරනු ලැබ ඇති කමිටුව විසින් බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම පිණිස සිය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා.

එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e0236e68be9

ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 2 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023 -09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 200 ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී ඇති බවද සඳහන්.

එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12 සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e023fb47c66

මහපොළ ශිෂ්‍යාධාරය 2025 අප්‍රේල් සිට රු.7,500 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව සැලකිල්ලට ගෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රු.7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රු.6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e00d8ad36af

සිමෙන්ති සඳහා අඩු කළ සෙස් බද්දෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් නෑ – ඉදිකිරීම් සංගමය

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් හිමි නොවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

යම් භාණ්ඩයක මිල අඩුවීමෙන් පාරිභෝගිකයාට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් වෙළඳ අමාත්‍යංශය විසින් මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවයි එම සංගමයේ සභාපති එම්. ඩී. පෝල් සඳහන් කළේ.

රටේ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ පැමිණිලි 3041 ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2947 ක්, වෙනත් පැමිණිලි 69 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 25 ක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ලැබුණු පැමිණිලි අතරින් 2271 ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 770 ක් විසඳීමට ක්‍රියා කරමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66dfcf2e1c854

iPhone 16 නිල වශයෙන් එළිදක්වයි

නවතම iPhone 16 ජංගම දුරකථන මාදිලිය එළිදක්වා තිබෙනවා.

Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙලෙස එළිදක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

iPhone 16, iPhone 16 plus, iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස මාදිලි කිහිපයකින් මෙය සමන්විත වනවා.

ජායාරූප පහතින්.

66dfc60332fff 66dfc5fec9b22

66dfc603549dd

රටේ ජනාධිපතිවරයා ලෙස ලොකුම කැප කිරීම කරන්න මම සූදානම් – සජිත්

තමා ජනාධිපත් ධූරයට පත්වූ පසු කිසිඳු වේතනයක් ලබා නොගෙන ස්වේච්චා සේවයක් ඉටු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනව‍ා.

ඒ අනුව සැප්තැම්බර් 21 වනදා පොදුජනතාව සමගි ජන බලවේගයට වරම ලබාදෙන විට ලොකුම කැප කිරීම කිරීමට රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සූදානම් බවයි වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන් පඩි සහ දීමනා ගන්නා ජනාධිපතිවරයෙක් නොවන බවත් තමන්ගේ සේවාව තම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිඳු වේතනයක් නොගෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත් මෙරට ආර්ථිකය නැවත කඩා වැටෙනවා – රනිල්

ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත් නැවත රුපියලේ අගය පහත වැටී රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු තමා ආර්ථික විශේෂඥයන් මඟින් පරීක්ෂා කර බැලු බවත්, එම යෝජනා අනුව ලබන වසරේදී ඔවුන්ගේ වියදම ට්‍රිලියන 8.9ක් බවත්, බදු බර අඩු කිරීම වැනි එකවර කළ නොහැකි පොරොන්දු ඉටු කිරීමට යාමෙන් ආදායම ට්‍රිලියන 4.9ක් වන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ට්‍රිලියන 04ක හිඟය ඔවුන් පියවා ගන්නේ කෙසේද කියා රටට පැවසිය යුතු බවද සඳහන් කළා.

එබැවින් ජනතාව මුලා කරන පොරොන්දු වෙනුවට සැබෑ ආර්ථික සැලැස්ම රටට හෙළි කරන ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට අභියෝග කරන බවද, තමන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු නොදි මඟහරින ඔහු දිගටම ජනතාව රවටමින් සිටින බවයි හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ පැවති ජන රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66defac27a484pdf_page_3 66defac1eb835pdf_page_2 66defac1cac92pdf_page_1 66defac116dcdpdf_page_0

ජනතා විමුක්ති පෙරමුණට තැපැල් ඡන්ද 92% ක් තියෙනවලු, රෙද්ද තමයි! – චාමර සම්පත්

ජනතා විමුක්ති පෙරමුණට තැපැල් ඡන්ද 92% ක් තියෙනවලු, රෙද්ද තමයි! – චාමර සම්පත්