දෙවනි මනාපයක් ගනන් කරන්නට සිදුවුනොත් ? මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පැහැදිලි කිරීම…

https://www.youtube.com/embed/Ib8gVDvNu_Y?si=vCGyLJPqNzL7qwqo” title=

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් 200 වන ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කාලයේ පැවති තරඟ රැසකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව තිබුණා.

Women’s T20 World Cup: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කර තිබෙනවා.

ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 ක් ඇතුළත් වනවා.

තරගාවලිය ඔක්තෝබර් 03 වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

66ed19ddcd838

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නවත්වයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිරාකරණය කරගන්නා තුරු සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර කොළඹ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

වසා දැමූ ජපුර සරසවිය යළි සැප්තැම්බර් 24 යළි විවෘත වෙයි

තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ඇරඹෙයි

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කර තිබෙනවා.

මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය ඒ අනුව යොමු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 ක් වන අතර, ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අද අලු‍යම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද (20) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සහ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මැතිවරණ රාජකාරිවල යෙදීම හේතුවෙන් මැතිවරණ කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් මැතිවර​ණ රාජකාරීවලින් ඉවත් කරයි

රාජ්‍ය නිළධාරින් 9 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබෙන බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්.පී. සුමනසේකර පවසනවා.

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9 දෙනෙකු මෙලෙස ඉවත් කළ බවයි ඔහු සඳහන් කළේ.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කළමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිලධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19 දෙනා අතුරින් නිලධාරීන් 9 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලංකාවේ පළමු වතාවට උතු​රේ නැගෙනහිර හා දකුණේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් නිර්මාණය වෙනවා – අනුර

සියවස් ගණනාවකට පසු ලංකාවේ පළමු වතාවට උතුර, නැගෙනහිර හා දකුණේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ලද ආණ්ඩුවක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙය නායකයෙක්ගෙන් නායකයෙකුට බලය හුවමාරුවක් නොව, රටේ සමාජ ආර්ථික දේහයේ විශාලතම පරිවර්තනය බවයි ඊයේ (18) නුගේගොඩ පැවති අවසන් මහා ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.

දිගු ගමනක ආරම්භක පියවර ලෙස සැප්තැම්බර් 21 වනදා පොදු ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනඟන බවත්, ඉන් පසු පියවරෙන් පියවර රට ගොඩනැගීම ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා.

ප්‍රතිවාදීන් සිය ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදය හා ආගම්වාදය ප්‍රචාරය කරමින් සිටි බවත්, ජනාධිපතිවරණයෙන් පසුව ජාතිවාදය උසි ගැන්වෙන, උඩගෙඩි දෙන, අනෙකා නොසලකා හරින ප්‍රකාශවලට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ඉඩ නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත්, ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේ.