මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් – අනුර

මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාව ඉතා උනන්දුවෙන් අද (21) දිනයේ සිය ඡන්දය භාවිතා කර ඇති බවයි සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සෑම කෙනෙකුටම තමන් කැමති අයෙකුට ඡන්ද දීමේ අයිතිය ඇති බැවින්, ඒ අයිතියට ගරු කරන අලුත් දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බවද, එබැවින් ජයග්‍රහණයෙන් පසුව සාමකාමීව කටයුතු කරන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යාම ආරම්භ කෙරේ

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය කිරීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

සවස 4.00 ට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද සවස අවසන් වුණා.

ඒ අනුව අද සවස 4.00 වන සිට දිවයින පුරා පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන් පහතින්.

* නුවරඑළිය – 80%

* මොනරාගල – 77%

* පොළොන්නරුව – 78%

* රත්නපුරය – 75%

* දිගාමඩුල්ල – 70%

* ගම්පහ – 80%

* කොළඹ – 75%

* අම්පාර – 70%

* කිලිනොච්චිය – 68%

* පුත්තලම – 75%

මෙතෙක් කිසිඳු බරපතල තත්ත්වයක් වාර්තා වී නැහැ – පැෆරල් සංවිධානය

ඡන්ද විමසීම ආරම්භවී මේ දක්වා බරපතල තත්ත්වයක් වාර්තා නොවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව සුළු සිදුවීම් 35 ක් පමණක් අද (21) දිනයේ වාර්තාවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66ee4ddd71c06

ප්‍රදේශ කිහිපයකට මේ වන විට වැසි තත්ත්වයක්

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සහ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි තත්ත්වයක් ඇදහැලෙමින් ඇති බව වාර්තා වනවා.

ඡන්ද දායකයින් වැසි සහිත කාලගුණ තත්ත්වය මධ්‍යයේ සිය ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විදෙස් ගතවීමට ගුවන් තොටුපලට පැමිණි ඩෑන් ප්‍රියසාද් හරවා යවයි

විදෙස්ගත වීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටුපොළින් නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඊයේ (20) රාත්‍රීයේ 08.35 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ EK 653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

“මේ මැතිවරණ නීති උල්ලංගනය කිරීමක්” පුබුදු ජයගොඩගෙන් මැතිවරණ කොමිසමට පැමිනිල්ලක්..

https://www.youtube.com/embed/UrBgT-n3tkQ?si=h1oyxGxugrSjaoEU” title=

“අපේත් රටේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න” වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

https://www.youtube.com/embed/hEkGDZjoEKs?si=Ifw4dKNlZ1trkVMa” title=