https://www.youtube.com/embed/zeoPaJHcQ5o?si=g0T2PllRb72whwKe” title=
Author: Supun
ජාතිය ආගම ඉදිරියට දාගෙන කරන දේශපාලනයට අති පූජ්‍ය අම්බලංගොඩ සුධර්ම හිමියන්ගෙන් පිලිතුරක්…..
https://www.youtube.com/embed/h2FVDAwWUQE?si=sNMScOCl5dsA1v_L” title=
ලොහාන් සහ බිරිඳ යළි 18 වනදා දක්වා රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ් අනුව ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
ඉදිරි අයවැයෙන් PAYE Tax සඳහා අනිවාර්යෙන් යහපත් සංශෝධනයක් ගේනවා – ජනපති
උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එය යහපත් සංශෝධනයක් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
එසේම ඇතැම් භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත් කිරීමටත්, ඉලක්ක සහගත පිරිසකට සහනාධාර ලබාදීමටත් ඉදිරි අයවැය තුළින් කටයුතු කරන බවයි ඊයේ (06) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම ඔවුන්ගේ සැලසුම් අනුව PAYE Tax අයකරන වැටුප් තලයන්හි අඩු වැටුප් තලයන් වල සිටින අයට වැඩි සහනයක් ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
ලෝ ප්‍රකට Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා.
මෙවර ලන්ඩනයේ දී එම සම්මාන උළෙල පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට රන් සම්මානය හිමිවූ අංශයේ රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ලොහාන් සහ ඔහුගේ බිරිඳ අධිකරණයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
නීති විරෝධීව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
මිරිහාන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී අති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 26 වනදා පොලිසිය සොයාගෙන තිබුණා.
විදේශ ගමන් බලපත්‍ර ගැටලුව විසඳීම සඳහා රජය උපරිමයෙන් කටයුතු කරනවා – ජනපති
විදේශ ගමන් බලපත්‍ර ගැටලුව විසඳීම සඳහා රජය උපරිමයෙන් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව මේ වන විට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ හතහමාර අවසන්වීමට පෙර නව ඇනවුමක් ගෙන ඒමට කටයුතු කරන බවයි ඊයේ (06) රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
පළපුරුදු යැයි පවසන නායකයින් සිදුකර තිබුණේ පැවති විදේශ ගමන් බලපත්‍ර තොගය අවසන් වෙමින් තිබියදී තවත් තොගයක් ගෙන ඒම වෙනුවට නව E – පාස්පෝට් එකක් සඳහා ටෙන්ඩර් කැඳවීම බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එම E – පාස්පෝට් එක පැමිණෙන කාලයක් ගැන ඔවුන්ට අදහසක් නොතිබූ බවත්, එම කාලය තුළ විදෙස් ගමන් බලපත්‍ර තොගය අවසන් වූ පසු E – පාස්පෝට් සමාගමටම පාස්පෝට් මුද්‍රණය කිරීමට ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම පාස්පෝට් තොගය ද ලැබෙන්නේ කඩින් කඩ බවත්, එකවර ලබාදීම වෙනුවට කඩින් කඩ ලබාදීම තුළින් විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීම අනිවාර්යය බවත්, මෙම ගැටලුවට පැවති පාලනය වග නොකියා නව රජය වග කියන්නේ කෙසේද යන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වෙයි
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සූකර උණ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ලිහිල් කෙරේ
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ.
නව ගැසට් නිවේදනය අනුව නිරෝගී ගොවිපොළවල ඇති කරන ආසාදනය නොවූ සතුන් පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මත ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 හා එක්දින සංචිත නම් කෙරේ
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස හා එක්දින ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත නම් කර තිබෙනවා.
ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, කුසල් ජනිත් පෙරේරා යළි එක්දින සංචිතයට කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
එසේම චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස සංචිතයට ද ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර කොදෙව්වන්ට එරෙහිව නම් කෙරුණු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයම මෙවර නම් කර තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි විස්ස තරග දෙකක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

