අමෙරිකාවේ 47 වන ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි

අමෙරිකාවේ 47 වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව Fox News වාර්තා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු එක්සත් ජනපද ජනාධිපතිවරණය යළි ජය ගෙන ඇති බවයි.

ඔහු මේ වනවිට සිය පාක්ෂිකයින් අමතමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

US Election 2024: දහවල් 1.00 වන විට අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා.

ඒ අනුව අද දහවල් 1.00 පමණ වන විට ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 266 ක් ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන අතර ඡන්ද විද්‍යාල 188 ක ජයක් හිමි කර ගනිමින් කමලා හැරිස් දෙවන ස්ථානයේ පසුවනවා.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ඡන්ද විද්‍යාල 270 ක් ජය ගත යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් විටින් විට බලාපොරොත්තු වන්න.

Source – CNN Live

Result Updated Time – 1.00 Pm

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහේස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා.

ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කාන්තාවන්ට වඳ සැත්කම් කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා.

ගාලු මුවදොර පිටිය උත්සව සහ සංගීත ප්‍රසංග ආදිය සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය

ගාලු මුවදොර පිටිය විවිධ උත්සව, සැමරුම් සහ සංගීත ප්‍රසංග ආදිය සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0 ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

672b1537ceecd

අගමැතිට වෙන්කර තිබූ ගිලන් රථ​ය සහ වෛද්‍ය ඒකකය මහජන සේවයට එක්කෙරේ

අග්‍රාමාත්‍යවරයාට වෙන්කර තිබූ ගිලන් රථය මහජන සේවයට එක් කිරීමට තිරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

එසේම අග්‍රාමාත්‍යවරයාට අනියුක්ත කර තිබූ වෛද්‍ය ඒකකයද මහජන සේවයට එක් කිරීමට තිරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

“උගන්ඩා කතාව කිව්වේ අපි නෙමෙයි” ටිල්වින් සිල්වා දැන් කියන කතාව…..

https://www.youtube.com/embed/Nqd2lA5j-ZM?si=E8thYqUmFe-1Wxkb” title=

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අමෙරිකානු වේලාවෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතුයි – ජනපති

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

672a02625251bpdf_page_1 672a02602f1c1pdf_page_0

මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ සහ ඉඳුරුව අතරදී මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු වේලාවක් ප්‍රමාදවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.