SL vs NZ 2nd ODI: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පී.සත්‍යලිංගම් පත් කෙරේ

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ එහි මහලේකම් පී.සත්‍යලිංගම් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය විසින් මැතිවරණ කොමිසමට මේ බව දැනුම්දී තිබෙනවා.

සර්වජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර පත් කෙරේ

සර්වජන බලයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මේ බව දැනුම්දී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නාම ලේඛණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක වෙත එම නාම ලේඛණය යොමුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ජාතික ලැයිස්තුව පහතින්.

01.  බිමල් රත්නායක:

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.

02. ආචාර්ය අනුර කරුණාතිලක:

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

03. මහාචාර්ය උපාලි පන්නිලගේ:

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

04. එරංග උදේශ් වීරරත්න:

සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

05. අරුණ ජයසේකර:

විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී.

06.  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම:

සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික.

07. ජනිත රුවන් කොඩිතුවක්කු:

නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික.

08. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි:

ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික.

09. රාමලිංගම් චන්ද්‍රසේකර්:

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක.

10. වෛද්‍ය නජිත් ඉන්දික:

සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු.

11. සුගත් තිලකරත්න:

ඔලිම්පික් ක්‍රීඩක

12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර:

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික.

13. සුනිල් කුමාර ගමගේ:

වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති.

14. ගාමිණී රත්නායක:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු.

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ:

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති.

16. සුගත් වසන්ත ද සිල්වා:

සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති.

17.  අබුබකර් ආදම්බාවා:

දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක, රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්.

18. ආර්. එච්. උපාලි සමරසිංහ:

වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක, ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක.

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

IMF නියෝජිතයන් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි සඳහන් වෙන්නේ.

ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයට සජිත්ගෙන් සුබපැතුම්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

එමගින් රටක් ලෙස මේ මොහොතේ මුහුණදී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදා වී තිබෙන බවත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තම ධූර කාලය තුළ සාර්ථකව ඉටුකිරීම තමන් සතු අභියෝග ලෙස ඔවුන් වටහාගෙන ඇති බවට විශ්වාස කරන බවද එහි සඳහන් කර තිබෙනවා.

මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු‍ පුරවැසි අයිතීන් සුරැකෙන සමාජ සාධාරණත්වය සුරක්ෂිතවන යහපත් ආණ්ඩුවක් වෙනුවෙන් උපරිම සහය ලබාදීමට සූදානම් බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

67396fb67c313

67396fb687b8f

සිංහල, මුස්ලිම්, දෙමළ සියල්ලගේ​ම ආදරය දිනාගත්ත කෙනෙක් කියලා සතුටුයි ස​හ ආඩම්බරයි – අම්බිකා සැමුවෙල්

සිංහල, මුස්ලිම්, දෙමළ සියලු දෙනාගේ ආදරය දිනාගැනීම සම්බන්ධයෙන් තමන්ට සතුටක් සහ ආඩම්බරයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රී අම්බිකා සැමුවෙල් පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ විශ්වාසය දූවිල්ලක් තරමට හෝ කැඩීමට බලාපොරොත්තු නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

ජාතිය, ආගම වශයෙන් බෙදීම් ඇති කළ පාලකයින්ට හොඳ පාඩමක් උගන්වා මෙවර මහ මැතිවරණයෙන් සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් බවට පෙන්නුම් කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රී අම්බිකා සැමුවෙල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උසස් පෙළ උපකාරක පන්ති අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මැතිවරණය පැරදුනත් පාර්ලිමේන්තු එන නලින් බණ්ඩාරගේ ප්‍රතිචාරය…..

https://www.youtube.com/embed/derWXFHk2zI?si=rRzwuvlfEhEm2Txu” title=