ජනාධිපතිවරයාට ඡන්දේ දුන්න ජනතාවට කරපු අපහාසයට ජනතාව උත්තර දුන්නා – නලින්ද ජයතිස්ස…..

https://www.youtube.com/embed/XIBflc4gpE4?si=tscsGmH3lcQXVTqT” title=

රත්නපුරය දිනූ ජාතික ජන බලවේග කන්ඩායමට ලැබුන උනුසුම් පිලිගැනීම….

https://www.youtube.com/embed/ZyxqDwM13nc?si=wG0YFnDZxLyydCas” title=

ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව විජිත හේරත්ට

2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඒ අනුව එය ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ක් ලබා තිබුණා.

ඉන් අනතුරුව 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289 ක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂ පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙළීමට අගමැතිවරිය සමත්වී තිබුණා.

අද දිනය තුළම මෙලෙස අගමැතිවරිය විසින් පිහිටවූ වාර්තාව විජිත හේරත් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් අදාළ වාර්තාව ඔහු සතු කර ගැනීමට සමත්වී තිබෙනවා.

මහින්දගේ වාර්තාව බිඳ දමමින් අගමැති හරිනි වාර්තාගත මනාප සංඛ්‍යාවක් වාර්තා කරයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්වී තිබෙනවා.

ඒ අනුව මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ක් ලබා තිබුණා.

ජනපති නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම නොවැම්බර් 21 පාර්ලිමේන්තුවේදී

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, නොවැම්බර් 21 වන දින සවස 3.00ට, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

නව ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහිදී පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ – ජාතික ජන බලවේගය

නව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

ඒ පිළිබඳව සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කළේ.

මැතිවරණ ජයග්‍රහණයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ජනපතිට සුබපැතුම්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවයි X සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ‍.

X සටහන පහතින්.

6737f86101418

පශ්චාත් මැතිවරණ සමයේත් සාමකාමීව කටයුතු කරන්න – පොලීසි‍ය

පශ්චාත්  මැතිවරණ සමයේ ද සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව වන බවත්, මෙම කාලය තුළ, කිසිදු ආකාරයකින් පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකළ නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි ඔහු පවසන්නේ.

මේ අතර, මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත, ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 සඳහා ‘අවදානයෙන් සිටින්න (ඇම්බර්)’ තත්ත්වය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ⁠රුවන්වැල්ල යන ප්‍රදේශවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම 1 සඳහා ‘විමසිලිමත් වන්න (කහ)’ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ⁠අත්තනගල්ලටත්,  මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, ⁠දෙල්තොට යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, ⁠බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලටත් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඉහත මට්ටම යටතේම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ⁠මාවතගම යන ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ ⁠අඹන්ගග කෝරළයටත්, මාතර දිස්ත්‍රික්කයේ  ⁠වැලිපිටිය, ⁠කොටපල හා ⁠පස්ගොඩ යන ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද ප.ව. 7.30 දක්වා වලංගු වන ලෙසට නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික ජන බලවේගයට ආසන 159 ක බහුතර බලයක් සමඟ ඉතිහාසගත ජයක්

මෙරට දසවන පාර්ලිමේන්තුව තෝරා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වුණු 2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186 ක් ලබා ආසන 159 ක් ලබාගනිමින් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 1,968,716 ලබා ගනිමින් ආසන 40 ක් දිනාගෙන ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 5 ක් ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 350,429 ක් ලබා ආසන 3 ක් ලබාගෙන ඇති අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 257,813 ලබා ආසන 8 ක බලය හා සර්ව ජන බලයට එක් ආසනයක් හිමිවී තිබෙනවා.