නව බලශක්ති ඇමති කුමාර ජයකොඩි

කුමාර ජයකොඩි නව බලශක්ති අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබෙනවා.

නව කම්කරු ඇමති මහාචාර්​ය අනිල් ජයන්​ත

මහාචාර්ය අනිල් ජයන්ත නව කම්කරු අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ලොහාන් සහ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දෙසැම්බර් 02 වනදා දක්වා හා ඔහුගේ බිරිඳ එළඹෙන නොවැම්බර් 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ් අනුව ඔවුන් අද (18) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

දීර්ඝ කාලයක් ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා තියෙනවා – ජනපති

දීර්ඝ කාලයක් ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය නව රජයට පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බවයි අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අද (18) ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවත් බලය හැසිරවීමේදී වගවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මහ මැතිවරණයේ ලැබුණු ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ රටට තවදුරටත් බෙදීමේ දේශපාලය වලංගු නොවන බව බවත් ජාතික ජන බලවේගය විසින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කර ගැනීමේදී සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නායයෑමක් හේතුවෙන්, පස්සර – ලුණුගල මාර්ගයේ රථ වාහන ධාවනය 13 කණුව අසළින් සම්පූර්ණයෙන් අවහිර වෙයි

13 කණුව අසළ සිදුවූ නායයෑමක් හේතුවෙන්, පස්සර – ලුණුගල මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ සිදුවූ නායයෑමත් සමඟ මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, ඊ.එම්.ඒ.එල් උදය කුමාර සඳහන් කළේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඔහු රියැදුරන්ගෙන් ඉල්ලා සිටින අතර මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110 ක් (කි.මී. 200 ක්) පමණ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී නාවික හමුදාව විසින් සැකකරුවන් පස් දෙනෙකු සිය භාරයට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40 ක පමණ තොගයක් තිබූ බවයි නාවික හමුදාව සැක පළකරන්නේ.

“එයා ගැන දුකයි” හිටපු අගැමති මහින්දගෙන් හිටපු ජනපති රනිල්ට ප්‍රතිචාරයක්….

https://www.youtube.com/embed/F3T4XHDuAGs?si=5wWg-styd4nWj6A8″ title=

පාක්ෂිකයින් හඩා වැටෙද්දී සිනහවෙන්නම මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනියි……

https://www.youtube.com/embed/SvZFFJZXum0?si=D8Xj8sn89TDRQ_Z8″ title=

SL vs NZ 2nd ODI: ශ්‍රී ලංකාවට ලකුණු 210 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Chapman ලකුණු 76 ක් හා Mitchell Hay ලකුණු 49 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය පන්දුවාර ලකුණු 210 ක්.