අන්තරේ අද කොළඹට

black-protest

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මාස 05 ක් වසා දමා ඇති බෞද්ධපාලි සරසවිය වහා විවෘත කරන ලෙස සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 39 හා ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එසේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිවද මෙම විරෝධතාව පවත්වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද (07) දහවල් 12.00 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කිරීමට නියමිතයි.

5453c2878c9c17675c4d3ddf530d0e05