දමිතා අබේරත්නට ඇප

Damitha

රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන ඇය සහ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.