මොරටුමුල්ල මෙතොදිස්ත දෙව්මැදුරේ පවුල් කඳවුර මඩකලපුව සර්වෝදය ආයතනයේ පැවැත්විණි. 2024 අප්‍රේල් මස 20,21,22,23 මෙය පැවැත්වු අතර ‘දෙව් පෙමෙන් ගොඩ නැගෙන අසිරිමත් පවුල’ ලෙසින් නම් කර තිබුණි.

Untitled-2

මොරටුමුල්ල මෙතොදිස්ත දෙව්මැදුරේ පවුල් කඳවුර මඩකලපුව සර්වෝදය ආයතනයේ පැවැත්විණි. 2024 අප්‍රේල් මස 20,21,22,23 මෙය පැවැත්වු අතර ‘දෙව් පෙමෙන් ගොඩ නැගෙන අසිරිමත් පවුල’ ලෙසින් නම් කර තිබුණි.

අධ්‍යක්ෂක දේවගැති වී. ආසිරි පෙරේරා සහ සහායක දේවගැති ක්‍රිෂාන්ත මේදිස් සමගින් මොරටුමුල්ල සභාවේ සාමාජික සාමාජිකාවන් 200 දෙනෙකු පමණ මෙම කඳවුරට සහභාගි වූහ.

මෙහිදී වයස් කාණ්ඩ අනුව වෙන් කරමින් විවිධ දේශන සහ ක්‍රියාකාරකම් ද පැවැත්විණි.
මෙම පවුල් කඳවුරේ විශේෂ වැඩසටහනක් ලෙස මැරේජ් මසාලා ආයතනය සහ වන් හෝප් ආයතනය සහභාගි වූ අතර අවසාන දිනයේ පවුල් කැප කිරීමේ දේවමෙහෙය සඳහා මඩකලපුව සියෝන් දේවස්ථානයේ රොෂාන් දේවගැතිතුමා ඇතුළු කණ්ඩායම සහභාගි විය.