මත්ද්‍රව්‍ය භාවිතය සදහා රුපියල් ලක්ෂ 15කට අධීක රන් භාණ්ඩ සොරා ගත් අයෙක් රන් භාණ්ඩ හා මත්කුඩු සමග කැකිරාවේදී පොලිස් අත්අඩංගුවට

WhatsApp Image 2024-04-25 at 17.55.13 (1)

24-04-25
කැකිරාව කුෂාන් ජයවර්ධන
මත්ද්‍රව්‍ය භාවිතය සදහා රුපියල් ලක්ෂ 15කට අධීක රන් භාණ්ඩ සොරා ගත් අයෙක් රන් භාණ්ඩ හා මත්කුඩු සමග කැකිරාවේදී පොලිස් අත්අඩංගුවට
මත් ද්‍රව්‍ය භාවිතය සදහා මුදල් සොයා ගැනීමට රාත්‍රි කාලයේ නිවාස බිද ඒවාට ඇතුලු වී රන්භාණ්ඩ සොරාගත්, මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 15කට අධීක රණ්භාණ්ඩ හා මත්ද්‍රව්‍ය තොගයක් ද සමග කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉකුත් දා කැකිරාව ඔලොම්බෑව ප්‍රෙද්ශයේ නිවසක් බිද එහි තිබූ රුපියල් පහලොස් ලක්ෂ විසි දාහක් (15,20000) වටිනා රණ්භාණ්ඩ තොගයක් සොරා ගෙන තිබිණ. ඒ සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාව විසින් කැකිරාව පොලිස් ස්ථානයට කර තිබූ පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබිණ. එහිදී කැකිරාව පොලිස් බුද්දි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව සිදු කළ වවටලෑමකදී හෙරොයින් තොගයක් ද සන්තකයේ තබා ගෙන කලාවැවට ආසන්නයේ වූ ප්‍රෙද්ශයක හේනක සැගව සිටියදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය සදහා තදින් ඇබ්බැහි වී ඇති සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ද ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 6යි මිලි ග්රෑම් 500ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු ඔලොම්ඹෑව ප්‍රදේශයේ නිවසක් බිද සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15කට අධික රන් භාණ්ඩ කොළඹ මරදාන ප්‍රෙද්ශයේ පිහිටි රණ්භාන්ඩ උකස් ගන්නා ආයතනයකට උකස් කර තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එම රන් භාණ්ඩ උකස් කර ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරකට අධීක මුදලක් වැය කර එම සැකකරු හෙරොයින් භාවිතා කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් මින් පෙරද සැකකරු නිවාස බිදීම් හා සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂීත බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවද පොලිසිය කියයි.
සොරකම්කර උකස් තබා තිබියදී සොයා ගන්නා රණ භාන්ඩ ද සමග අත්අඩංගුවටපත් එම සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

WhatsApp Image 2024-04-25 at 17.55.13 (2) WhatsApp Image 2024-04-25 at 17.55.13 (1) WhatsApp Image 2024-04-25 at 17.55.13 WhatsApp Image 2024-04-25 at 17.55.12 (4) WhatsApp Image 2024-04-25 at 17.55.12 (2) WhatsApp Image 2024-04-25 at 17.55.12 (1) WhatsApp Image 2024-04-25 at 17.55.12 (3) WhatsApp Image 2024-04-25 at 17.55.12