දහතුන් වියේ පසුවු නෑනා දූෂණය කළ මස්සිනාට බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් සහ වින්දිත දැරියට ලක්ෂ පහක වන්දියක් ගෙවීමට බලපිටිය මහාධිකරණය තීන්දුව ලබාදෙයි..

WhatsApp Image 2024-04-24 at 16.54.06

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන .
දහතුන් වියේ පසුවු නෑනා දූෂණය කළ මස්සිනාට
බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් සහ
වින්දිත දැරියට ලක්ෂ පහක වන්දියක් ගෙවීමට බලපිටිය
මහාධිකරණය තීන්දුව ලබාදෙයි..
ඌරගස් මං හන්දිය පොලිස් වසමේ නවදගල
ප්‍රදේශයේදී 2014 වසරේ මැයි මාසයේදී දහතුන් හැවිරිදි
දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඌරගස් මං හන්දිය
පොලිසිය විසින් වයස 16ට අඩු බාල වයස්කාර දැරියක්
දූෂණය කිරීමේ චෝදනාව යටතේ හිපංකන්ද නවඳගල
ප්‍රදේශයේ පදිංචි හේවා නුවන් සම්පත් යන අයට
එරෙහිව බලපිටිය මහාධිකරණයේදී 2452/2019 අංකය
යටතේ පවරා තිබූ වසර 10ක් තිස්සේ විභාග වෙමින්
තිබූ නඩුවක් 24 වන දින විභාගයට ගත් අවස්ථාවේදී
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බලපිටිය
මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින්
විත්තිකරුට එරෙහිව අවුරුදු දහයක බරපතල වැඩ
ඇතිව සිර දඬුවමක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ
පහක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කල අතර
රුපියල් 25000 ක දඩ මුදලක් ද ගෙවීමට නියම
කළේය.දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල්
සිර දඬුවමක් නියම කළ අතර වින්දිතයාට රුපියල් ලක්ෂ

පහක් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර
දඬුවමක් නියම කරන ලදී.
අගතියට ලක්වූ දැරියගේ සහෝදරියගේ සැමියා විසින්
මෙසේ ඇයව දූෂණය කර තිබුණි.ඒ වන විට ඇයගේ වයස
අවුරුදු දහතුනක් වූ අතර දූෂණයට ලක් වීමෙන් පසුව
ඇයට විත්තිකරුට දාව දරුවකු පිළිසිඳගෙන තිබූ අතර එම
දරුවා මේ වන විට නව හැවිරිදි වියේ පසුවේ.
මෙම දූෂණ නඩුව සම්බන්ධයෙන් ඌරගස් මං හන්දිය
පොලිසියේ කාන්තා පොලිස් සැරයන් උමාලි (3021) විසින්
මෙහෙය වූ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ
අධිනීතීඥ සුදේශිකා තිලකරත්න මහත්මිය පෙනී
සිටින ලදී.