හොරණ දී තියුණු ආයුධ පෙන්නා ලක්ෂ 39,1/2 ක ආසන්න මුදලක් කොල්ලකෑ පුද්ගලයින් හා මහ මොළකරු සිදූරංගල බේකරියක හිමිකරු මාට්ටු

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

හොරණ දී තියුණු ආයුධ පෙන්නා ලක්ෂ 39,1/2 ක ආසන්න මුදලක් කොල්ලකෑ පුද්ගලයින් හා මහ මොළකරු සිදූරංගල බේකරියක හිමිකරු මාට්ටු

ගල්පාත චන්දන පෙරේරා

පසුගිය අප්‍රේල් මස (01 )දා හොරණ සව්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි තිරිඟු පිටි තොග බෙදා පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලාගිය සැකකරුවන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අද (22)දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොකුණුවිට, වැලිකල, සිදුරංගල ප්‍රදේශයේ බේකරියක හිමිකරුවෙකු සහ එම ප්‍රදේශයේම සැකකරුවන් හතර දෙනෙකි. සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 11ක් කොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරුපැදිය හෙල්මට් දෙකක් , තියුණු ආයුධ පොලිසිය විසින් සොයා ගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීන් සීසී ටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරමින් යතුරුපැදියේ පසුපැදිකරු වශයෙන් කටයුතු කළ මීට පෙර චීවරධාරියෙකුව සිට ඉවත් වූ සැකකරුවකු හොරණ පොකුණුවිට හංදියේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලයට පැමිණි යතුරුපැදිකරු හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.කොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරු පැදිය ද කොල්ලකෑ මුදලින් මිලදීගත් යතුරුපැදියක්ද තියුණු ආයුධ දෙකක්, මිලදී ගත් රන් මාල දෙකක්,පොලිස් භාරයට ගෙන ඇත.

කොල්ලකෑම සඳහා උපදෙස් ලබා දුන් ප්‍රධාන මොළකරු වන හොරණ සිදුරංගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බේකරියක හිමිකරු සහ කොල්ලකෑම සඳහා අනුබල දුන් කොල්ලකෑමට ලක්වූ පිටි බෙදා හැරීමේ ආයතනයේ සේවකයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලය පැමිණි දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් වන අතර කොල්ලකෑ මුදලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදාගෙන.

සැකකරුවන් හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.