නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

nuwara-eliya-town

නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම සඳහා අදාළ සියලු පාර්ශව සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එසේම නව ගොඩනැඟිලි නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කිරීමටද අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.