දෙසැම්බර් පළමු දින 10 ට සංචාරකයන් 57,000 ක්

tourism-srilanka

දෙසැම්බර් මාසයේ ගතවුනු පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙයින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් අතර, එම සංඛ්‍යාව 11,442 ක් වනවා.

රුසියාවෙන් 8,004 ක්,  බ්‍රිතාන්‍යයෙන් 5,991 ක්, ජර්මනියෙන් 5,336 ක්, චීනයෙන් 2,894 ක් යන ලෙස දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයන් දිවයිනට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමස්ථයක් ලෙස ගත් විට, 2023 වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.