මාර්තු මාසයේ දී සංචාරකයින් 125,495ක් මෙරටට පැමිණිලා – ශ්‍රී ලංකා මහ බැංකුව

tourism-srilanka

2022 වසරේ මාර්තු මාසයේ වාර්තා වූ සංචාරකයින්ගේ පැමිණීම වූ 106,500ට සාපේක්ෂව සහ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 107,639ට සාපේක්ෂව, 2023 වසරේ මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 125,495ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.

මෙලෙස සංචාරකයින් අතර රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණි පිරිස ඉහළ මට්ටමක පවතින බවයි මහ බැංකු වාර්තාවල සඳහන් වන්නේ.

එමෙන්ම 2023 වසරේ මාර්තු මාසය තුළදී සංචාරකයන්ගෙන් උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 198ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.