දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියා – හරීන්

tourism-srilanka

මෙම දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගිය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පසුගිය වසර 4 ඇතුළත මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2023 වසරේ මුල සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තිබූ අතර මෙම වසර අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමට හැකිවෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.