2023 වසරේ මේ දක්වා මෙරට​ට සංචාරකයින් ලක්ෂ 9 ඉක්මවා පැමිණෙයි

tourism-srilanka

2023 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 950,626 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ මුල් දින 12 ක කාලය තුළ සංචාරකයින් 46,308 ක් පැමිණ ඇති බවද සඳහන්.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව සහ ඔස්ට්‍රේලියාවෙන් සැප්තැම්බර් මාසයේ මුල් දින කිහිපය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

6502aa4b6ba08 6502aa4b64b99