මැයි පළමු සතිය තුළ සංචාරකයින් 18,000 ක් දිවයිනට

tourism-srilanka

2023 මැයි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 18,401 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2023 වසරේ මැයි 07 දින දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 459,578 ක් බවයි සඳහන් වන්නේ. මැයි පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 26% ක්ම ඉන්දියානුවන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.