නොවැම්බර් මුල් දින 5 තුළ සංචාරකයින් 22,202 ක් ලංකාවට

tourism-srilanka

2023 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ සංචාරකයින් 22,202 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව  1,147,657 ක් බවයි සඳහන් වන්නේ.

නොවැම්බර් මාසයේ පළමු දින 5 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මීට අමතරව ඉන්දියාවෙන් 3,866ක් ජර්මනියෙන් 2,011ක් එක්සත් රාජධානියෙන් 1,539 ක් පැමිණ තිබෙනවා.

654b0c8428445